Home » සින­මන් හොටෙල් රිසෝට්, SHMA සමඟ සංචා­රක සේවා අධ්‍යා­ප­නය නංවයි

සින­මන් හොටෙල් රිසෝට්, SHMA සමඟ සංචා­රක සේවා අධ්‍යා­ප­නය නංවයි

by gayana
September 21, 2024 12:29 am 0 comment

සින­මන් හෝටල් සහ රිසෝට් ආය­ත­නය, ස්විස් හෝටල් කළ­ම­නා­ක­රණ ඇක­ඩ­මිය (Swiss Hotel Management Academy – SHMA) හා එක්ව පසු­ගි­යදා සින­මන් හොස්පි­ටැ­ලිටි ඇක­ඩමි (Cinnamon Hospitality Academy) ආය­ත­නය ආරම්භ කළේය. මාස 18ක පූර්ණ වෘත්තීය ඩිප්ලෝමාවක් සහ වසරක වෘත්තීය පුහුණු කාල සීමාවක් ඇතුළත් මෙම පාඨමාලාවේ සම්පුර්ණ කාලය වසර දෙකහමාරකි. මෙම පාඨමාලාවට සංචාරක සේවා කර්මාන්තයේ ප්‍රායෝගික අත්දැකීම්, කළමනාකරණ විධි ක්‍රම සහ අධ්‍යාපනික මූලිකාංග ඇතුළත් අතර, සූපවේදී, ආහාරපාන සේවා සහ හෝටල් මෙහෙයුම් යන විශේෂවේදි ධාරා තුනකින් සමන්විතය. මෙම නව ආය­ත­නය මඟින් පිරි­න­මන Ecole hôtelière de Lausanne (EHL) වෘත්තීය ඩිප්ලෝ­මාව තුළින් ගෝලීය මට්ටමේ ස්විස් සංචා­රක සේවා අධ්‍යා­ප­න­යක් සහ වෘත්තීය පුහු­ණු­වක් ලබා ගැනී­මට අව­කාශ උදා වේ. බවර් සමා­ගමේ අනු­බ­ද්ධිත ආය­ත­න­යක් වන ස්විස් හෝටල් කළ­ම­නා­ක­රණ ඇක­ඩ­මිය සහ සින­මන් හෝටෙල් සහ රිසෝට් සමා­ගම අතර මෙම සහ­යෝ­ගී­තාව ශ්‍රී ලංකාවේ සංචා­රක සේවා කර්මා­න්තයේ සන්ධි­ස්ථා­න­යකි. “සින­මන් හෝටල් සහ රිසෝට් සමඟ එක්ව EHL සර­ස­විය මඟින් පිරි­න­මන වෘත්තීය පුහුණු පාඨ­මා­ලාව ශ්‍රී ලංකාවේ සංචා­රක සේවා අධ්‍යා­පන ක්ෂේත්‍රය තුළ විශාල මඟ සල­කු­ණක් ලෙස හැඳි­න්විය හැකියි…” යනු­වෙන් බවර් සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී/ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා පැව­සීය.

a

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division