Home » ඡන්දෙට ගමේ යන අයට අමතර පෞද්ගලික බස් සේවා

ඡන්දෙට ගමේ යන අයට අමතර පෞද්ගලික බස් සේවා

by Mahesh Lakehouse
September 21, 2024 12:34 am 0 comment

මැතිවරණ රාජකාරි පිණිස හා මැතිවරණ රාජකාරීන්ට අදාළ පොලිස් නිලධාරීන් ප්‍රවාහනය පිණිස ලංගම බස් රථ යොදා ගැනීම නිසා මගීන්ට සිදුවන අපහසුතාවන් මඟහැරීම පිණිස පෞද්ගලික බස් රථ අමතරව යොදවන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සිළුමිණට පැවසුවේ ජාතික ගමනාගමන කොමිසමෙන් ඍජුව පාලනය වන දුර සේවා බස් රථවලට අමතරව පසුගිය 19 වෙනිදා සිට පළාත් අධිකාරියට අයත් පෞද්්ගලික බස් රථ 100ක් දුර සේවා ධාවනය පිණිස තාවකාලික බලපත්‍ර මත යොදවා ඇති බවයි. දිවයිනම ආවරණය වන පරිදි මේ දුර සේවා බස් රථ යෙදවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම 21 වැනිදායින් පසුව කොළඹ ඇතුළු ප්‍රධාන නගර කරා එන මගී ජනතාව වෙනුවෙන් ආපසු පැමිණීම සඳහාද එම බස් රථ යොදවා ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division