මංගර දෙවියන්ගෙන් ඔබට සුවිශේෂි ලෙස පිහිට, ආධාරය, ආකර්ෂණය, සියල්ල අද්විතීය ලෙස ලබා ගැනීමට ඇති තවත් අති ප්‍රබල මන්ත්රමය ක්‍රමවේදයක් පිළිබඳව අද මම ඔබ දැනුම්වත් කිරීමට කැමැත්තෙමි. මීට වසර ගණනාවකට පෙර සිටම මේ මොහොත දක්වා මා විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාවට යොදවන නිසාත් මෙමඟින් මා විසින් අතිප්රබල ප්‍රතිඵල ලබා ගන්නා නිසාත් මෙම ක්‍රමවේදය ඔබට ද ඉතාම වැදගත් වනු ඇතැයි සිතමි. මෙයින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් අඩුම තරමේ සති තුනක කාලයක්වත් අඛණ්ඩව නොවරදවා මේ සඳහන් කරන වත්පිළිවෙත් සිදු කිරීම ඉතාම වැදගත්ය.
ඉන් මංගර දෙවියන්ගෙන් ඔබට ඔබ නොසිතූ නොපැතූ ලෙස අතිප්රබල පිහිටක් ආධාරයක් ලබා ගැනීමට හැකි වනු නියතය.
සමාජයේ බොහෝ අය මංගර දෙවියන්ගෙන් පිහිට ආධාරය ප්‍රාර්ථනා කරන නියම ක්‍රමවේදය නොදන්නා නිසාම අතීතයේ සුලභ ප්රවනාවයන් මත ජනි ජනයාගේ පුද සත්කාර ලබමින් පිහිට ශාන්තිය ලබා දුන් උන්වහන්සේගේ ආකර්ශන බලය වර්තමානය වන විට සමාජය තුළ විශ්මිත අත්දැකීම් බවට පත්ව ඇති බව පෙනී යන විශේෂ කරුණකි.
එදා පුරාණයේ අපේ මුතුන් මිත්තන් මංගර දෙවිඳුන්ගෙන් වැඩ අවැඩ ක්‍රියාවෙහි යෙදෙව්වේ කෙසේද ඒ ආකාරයෙන්ම එදා අතීතයේ ලද අත්දැකීම් වර්තමානයේද ලැබීමට ඉතාම පහසු ක්රමවේදයයි මේ.
මෙය ඉතාම සත්‍ය වූත් නිවැරදි වූත් ප්‍රබල ක්‍රමවේදයක් බව සිහි තබා ගත යුතුය.
මේ ක්‍රමවේදය ඔබට ඉතාම පහසුයි. කාර්යබහුල වුවත් ඕනෑම කෙනෙකුට අඩුම සති තුනෙන් ඇස්පනාපිට විශ්මිත අත්දැකීම් ලැබිය හැකිය.
ඔබ ඉතාම ගෞරවයෙන් සහ භක්තියෙන් යුතුව මේ ක්‍රමවේදය අත්හදා බලන්න. ඔබ පුදුම වනු නියතය.
ක්‍රමවේදය
බුලත් කොළයකට අමුකහ ගලගා සිසිල් දිය වීදුරුවකට දමා පහත මන්ත්‍රයෙන් දිනපතා උදේ හා සවස 21 වර බැගින් මතුරා දිනපතා තම ප්‍රාර්ථනාව සිතෙහි තබා මංගර දෙවි පිහිට ආකර්ෂණය ප්‍රාර්ථනා කර මූණ සෝදන්න. විශේෂයෙන් ගමනක් හෝ වෙනත් කාර්යකට යන අවස්ථාවල භාවිත කිරීම ඉතාම වැදගත් මෙය දිනපතා සිදු කිරීමෙන් පුදුම ආකර්ෂණ බලයක් ලැබේ. ඒ තරම් බල සම්පන්න ආකර්ෂණයක් මේ තුළ ඇත ඔබත් අත්හදා බලන්න. බලා සිටියදී දියුණුව ලැබේ. ලාබ සත්කාර ගෞරවය නිබදව තමා කරා එයි.