ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් ඔක්තෝබර් 12 වැනිදාට පෙර තම මැතිවරණ වියදම් වාර්තා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් නොකරන සියලු අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සිළුමිණට කීය.
2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ඉකුත් ජනාධිපතිවරණයේදී පළමු වරට ක්‍රියාත්මක වූ අතර, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත සියලු අපේක්ෂකයන් සිය වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීම අනිවාර්ය වේ. ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් ඔක්තෝබර් 12 වැනිදාට පෙර වියදම් වාර්තා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය.
නියමිත දිනට වාර්තා ඉදිරිපත් නොකිරීම සහ දෝෂ සහිත වාර්තා ඉදිරිපත් කිරීම නීත්‍යනුකූල වරදක් බැවින් පනත යටතේ පනවා ඇති දණ්ඩනයන්ට යටත් වන බවද සභාපතිවරයා පැවැසීය.
ඒ අනුව මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන හෝ සීමාව ඉක්මවා වූ හෝ අනීතික වියදම් සම්බන්ධයෙන් ඕනෑම අයකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, ඒ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් නීතිපතිවරයා මාර්ගයෙන් නඩු පැවරීමටත් පොලිසියට බලය පැවරී ඇත.
සුරේකා නිල්මිණී ඉලංකෝන්