සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන මහතා පසුගිය 25 වැනිදා වැඩ භාර ගත්තේය.
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී සහ ජන සන්නිවේදනය සඳහා ශාස්ත්‍රපති උපාධිය, භෞතික විද්‍යාව පිළිබඳ BSc (ගෞරව) උපාධිය ලබා ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා තිබේ.
ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹූ වරුෂමාන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ විධායක තොරතුරු නිලධාරියකු, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු නියෝජ්‍ය අධ්යක්ෂ, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සන්නිවේදන විශේෂඥ, Colombo Light Rail Transit Project (CLRT) හී සන්නිවේදන උපදේශක ලෙස ආයතන ගණනාවක සේවය කර තිබේ.
එමෙන්ම ඔහු ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ, ගැමිදිරිය වැඩසටහන ආදී ආයතන ගණනාවක පරිපාලන සහ පර්යේෂණ අත්දැකීම් සහිත නිලධාරියෙකි.