නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර භාර ගැනීම ඔක්තෝබර් 11 වැනිදා මධ්‍යහ්න 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 04 වැනිදා ආරම්භ වූ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇත්තේ මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලිනි. ඔක්තෝබර් 3 වැනිදා වන විට ස්වාධීන කණ්ඩායම් 86ක් ඇප මුදල් තැන්පත් කර තිබිණි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ද ආරම්භ කර ඇති අතර, එම අයැදුම්පත් භාර ගැනීම ලබන 8 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
සුරේකා නිල්මිණි ඉලංකෝන්