සම්පත් බැංකුවේ ‘ වැවට ජීවයක් තිරසර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. ඒ අනුව, මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිණි.
2001 වසරේ උඩුමත්තල වැව ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ ආරම්භ වූ ‘වැවට ජීවයක් ‘ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ ආර්ථික වපසරිය පරිවර්තනය කිරීමෙහිලා ප්‍රමුඛස්ථානයක් ගත්තේය.
මේ පිළිබඳ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පැවසූයේ, ” වැවට ජීවයක් වැඩසටහන පුරා අපගේ සහායට සිටි ප්‍රජාවට ප්‍රතිලාභ අත් කර දෙමින් සහ පරිසර පද්ධතිය ද යළි පණ ගන්වමින් ස්වයංපෝෂිත ප්‍රජාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි… ” යනුවෙනි.