Home » මහානුභාවසම්පන්න ජලනන්දන පිරිත

මහානුභාවසම්පන්න ජලනන්දන පිරිත

by sachintha
October 12, 2024 12:27 am 0 comment

•නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව ඇතුළු සියලු කටයුතු වලට භාවිතය සුදුසුයි

•වින බන්ධන කැපීමට ආරක්ෂාව ලබා ගැනීමට භාවිත කළ හැකියි

 

සිළුමිණ “ඉසිවර” පාඨක පින්වත් ඔබ වෙත අප අද ලියා පළ කරන්නට අදහස් කළේ මෙතෙක් ඔබ අතට පත් නොවූ ඉතා දුර්ලභ ” ජලනන්දන ” පිරිතයි. ජලනන්දන පිරිත පිළිබඳව සමාජයේ විවිධ අදහස් පළවේ. බොහෝදෙනා අපගෙන් විමසා සිටින කාරණා අතර ජල නන්දන පිරිත නිවස ඇතුළත භාවිත කිරීම සුදුසු ද, යන්නයි.

ජලනන්දන පිරිත භාවිතයේදී යහපත් ලෙස ආරක්‍ෂාවට යොදා ගත් යන්ත්‍ර මන්ත්‍ර බල බි‌ෙඳ්විද, ජලනන්දන පිරිත නිතර භාවිත කිරීමේදී විවාහ ප්‍රමාද වේද, ප්‍රේම සම්බන්ධ බිඳවැටී යාවිද, යන ප්‍රශ්න නිතර විමසනු ලබයි ජලනන්දන පිරිත් රාශියක් සමාජය තුළ භාවිත කරමින් පවතී. සතර පොත්ගුල් අලගුව සහිත ජලනන්දන පිරිත, දැහැන සහිත ජලනන්දන පිරිත, ජලනන්දන මන්ත්‍රය ආදිය භාවිතයේ පවතී. කෙසේ වෙතත් ජලනන්දන පිරිත භාවිතයේදී එදිනෙදා නිවෙස තුළ භාවිතා කිරීම සුදුසු නොවන බව කිය යුතුය.

බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් නීචකුල රොඩී බන්ධනයෙන් මුදා ගැනීමට දේශනා කළා යැයි කියනු ලබන ජලනන්දන පිරිතක් පිළිබඳව කිසිදු සාක්ෂියක් හමු නොවුනත් ජලනන්දන පිරිත ඉතා ආනුභාවසම්පන්න මන්ත්‍රයකි. කොඩිවින ආපිට පෙරළා කැපිම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව ,මෙන්ම තවත් බොහෝ යහපත් කටයුතු සඳහා මෙම ජලනන්දන පිරිත ඉතාමත් බලසම්පන්නය. ගාථා හතක් සහිත ජලනන්දන පිරිතේ ‘සර්වබන්ධන ඡේදනයට’ යන්න සඳහන් වෙනවා සර්ව බන්ධන ඡේදනය යනු සියලු බැඳීම් විනාශ වේවා. යන අදහසයි අඹු-සැමියන් අතර බැදීම්, මාපිය- දූදරු බැඳීම් , ගුරු – ශිෂ්‍ය බැඳීම් මේ ආදී සියලු යහපත් බැඳීම් පවා නිතර නිතර නිවෙස තුළ මෙම මන්ත්‍ර කියවීම තුළ විනාශ වී යනු ඇත. එබැවින් අවශ්‍යම යන්ත්‍ර මන්ත්‍ර කටයුත්තකදී හැර කුමන හෝ ජලනන්දන පිරිතක් කියවීම සුදුසු නොවෙයි. අප අද ඉදිරිපත් කරනු ලබන මෙම උතුම් ජලනන්දනය ඉතා ආනුභාවසම්පන්න ඉපැරණිම ජලනන්දන පිරිතයි.

ඕනෑම දරුණු වින – බන්ධනයක් කැපී ආරක්ෂාව සලසා ගැනීමට මෙය භාවිත කිරීම සුදුසුයි. පයට නොපෑගෙන වැලි සහ ගලා යන දිය පහරකින් ලබාගත් ගල්කැට 08 ක්, වළක් කපා ලබාගත් නැවුම් පිරිසිදු ජලය මේ සියල්ල මල් ආසනයක තබා මෙම ආනුභාවසම්පන්න ජලනන්දනයෙන් 108 වරක් ජීවම් බල පිහිටුවාගෙන නිවෙස ඇතුළත සහ පිටත ඉඩමේ සියලුම තැනට, මුලින් පැන් ඉස, ඉන් අනතුරුව වැලි ඉස නිවෙස හතර කොනට සහ ඉඩමේ හතර කොනට කුඩා මුට්ටිවල බහා මෙම ගල් වළලා ස්ථානය ආරක්ෂා කරගන්න. දහසක් අවුරුදු ආරක්ෂාවයි, බන්ධන කපා ශාන්ති කර්ම කරන ඇදුරන් එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් මෙම ජලනන්දනයෙන් 108 වරක් මතුරා ආතුරයාගේ හිස, ළැම, දෙපතුල තබා කපනු. සියලු වින අමනුෂ්‍ය දෝෂ පහවේ.

•ඉතා දුර්ලභ ජලනන්දන පිරිත

1. චත්තාරො වීසති බුද්ධා ආනුභාවො මහබ්බලො

යක්බ දේව බ්‍රහ්මානං වන්දිතො පූජිතො වරො

2. එතේසං ආනුභාවේන සබ්බ භූතානි මද්දි නො

චතුවීසති තේජේන සබ්බ වින විනස්සතු

3. ගොතමො බුද්ධ තේපෙන වණ්ඩාල වින විනස්සතු

සාරී පුත්තානුභාවෙන සබ්බ වින විනස්සතු

4. මොග්ගල්ලානස්ස තේජෙන චණ්ඩාල සූනියං නහී

අසීතිං ථෙර තේජෙන වින සබ්බෙසු අග්ගිහි

5. ථෙරො අංගුලිමාලෙන ඡින්දිතො සබ්බ සූනියං

චතුරාසීති සහස්සේන ධම්මක්ඛන්දෙසු අක්බරෙ

6. සබ්බානි ආනුභාවානි මම හත්තෙ පතිට්ටිතා

එතානි ආනුභාවේන සබ්බානි වින විනස්සතු

7. අසීති සත සහස්සෙන ධම්මක්ඛන්දෙන තේජසා

සබ්බ චණ්ඩාල කම්මානි වින දෝසානි විනස්සතු

8.දේව බ්‍රහ්මාව බුද්ධාච ධම්මං සංඝංච තේජසා

සබ්බානි අරී දෝසානි වින දෝසානි විනස්සතු

9. ආනන්දොති මහා ථෙරං ධම්ම භාණ්ඩක මුත්තමං

ආනන්ද ථෙර තේපේන නීචකුල බන්ධන ඡේදනං

10. සම්බුද්ධස්ස තේජෙන වින බන්ධන ඩයිහතු

තිණ්ණං රතනානු භාවේන වින මන්ත්‍රානි විනස්සතු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division