එක්සත් ජනපදය විසින් සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පසුගිය බ්‍රහස්පතින්දා භාර දෙන ලදි. ඒ සඳහා පැවති උත්සවය අමතමින් එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් ප්‍රකාශ කරන ලද්දේ “ලෝකයට ප්‍රශංසනීය ආදර්ශයක් තබමින් පවත්වන ලද, ශ්‍රී ලංකාවේ මෑත මැතිවරණයට සුබ පැතීමට මට අවශ්‍යයි. ජනාධිපති බයිඩන් පැවසූ පරිදි, මෙරට නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව සාධාරණ ලෙස ආඩම්බර විය යුතුය.” යන්නයි.
මෙම ප්‍රකාශය විශද කරනුයේ නව ලෝක ප්‍රවණතාවයය. රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය සදහා ප්රමුඛ වන්නේ, අනෙකාගේ අවශ්‍යතාව සඳහා දක්වන ළැදියාව බවට පත්වූයේ පනහේ දශකයේය. දැන් එය විකාශය වී ඇත්තේ ‘තමන්ගේ ප්රජාතන්ත්රවාදය’ දෙසටය. ආශ්‍රය සඳහා ගැළපෙන අය සොයා ගන්නැයි දරුවන් වෙත මවුපියන් ලබාදෙන ඔවදන මේ හා සාම්යයක්ව ගැළපෙන්නේය. වෙනදා අදාළ රටේ තරාතිරම යන ආදිය නොව, එම රටේ සම්පත් සහ තම රටේ දේශපාලන හෝ ආර්ථික අවශ්‍යතා සඳහා එම රට කෙතරම් ගැළපේ ද යන්න බලවත් රටවල් කල්පනා කළේය. ඒ උදෙසා පවත්වාගෙන ගිය මිත්‍රත්වය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේදී පළමු විය. මෙය වනාහි වාසිය සඳහා වන ආශ්‍රයක් විය. මිත්‍රයාගේ ගති සොබාව කෙසේ වෙතත් වාසිය සඳහා ඇසුරු කිරීමේ කලාව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල දැන් භාවිතයේ නැත්තේය. මේ වෙනස සිදු වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 දී පිහිටුවීමත් සමඟ, ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම ලොව දේශපාලනයේ ගාමක බලවේගය විය. 1989 වසරේ බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු සහ 1991 වසරේ සෝවියට් සංගමය කැබලි වීමෙන් අනතුරුව, ලෝක දේශපාලනය ප්රජාතන්ත්රවාදය දෙසටම නැමී ගියේය. අද ලෝකය යම් රටක් කෙරෙහි දක්වන සැලකිල්ල සඳහා පාදක සාධකය වන්නේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය මිස රටේ සම්පත් නොවේ. එක්සත් ජනපද තානාපතිනිය සිය කතාවේදී අවධාරණය කරන ලද්දේ එම වටිනාකම පිළිබඳවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු රටවල් රැසකින් ඔහු වෙත සුබ පැතුම් ගලා ආවේය. ඉන් නොනැවතී සියලුම තානාපති කාර්යාල සිය රාජ්‍යයේ උණුසුම් ශුභාශිංසන ඔහු වෙත රැගෙන පැමිණියේය. මේ සියලු තන්හි සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් යන්නය.
එය දැන් ලෝක අපේක්ෂාවය. එම සුදුසුකම නොමැත්තේ නම් ලෝකයේ කිසිවෙක් අප සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා පැමිණෙන්නේ නැත. නව රජය බලයට පත්වන්නේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ උපරිම සුදුසුකම් සපුරාගෙනය. එනම් පැවති මැතිවරණය සාමකාමී වූවා සේම ලැබූ ජයග්‍රහණය ද එම සාමය තුළම පවත්වාගෙන යෑමේ ශක්‍යතාවක් රජය සතු විය. බල හුවමාරුවේ සාමකාමී ස්වරූපය කෙතරම් ද යත් මහජනතාව වෙත තමන් ප්‍රාර්ථනා කළ ආණ්ඩුව බලයට පත් වූවා යන්න මානසික සතුටක් මිස වෙනදා මෙන්, කිරිබත්, කැවුම් මහපාරේ කන, රතිඤ්ඤා දල්වා වා තලය ගිගුම් දෙන උදානයන් ඇසීමට දැකීමට ඉඩ ලැබුණේ ඉතාමත් අඩුවෙනි. මේ කිසිවක් සරල ලකුණු නොවේ. ආරම්භයක් ලෙස එය ලෝකයට සහ මේ රටේ ජනතාව වෙත පණිවිඩ ගණනාවක් රැගෙන ගොස් තිබේ.
ලෝකය තනි යායක් හෙයින් විගස මේ සුහද බල හුවමාරුව රට රටවල් දැනගන්නේය. ඒ ආකාරයෙන් අප ප්රජාතන්ත්රවාදය විශද කරන කල්හි ලෝක ප්‍රජාවගේ ඇසුර සඳහා වූ පළමු සුදුසුකම සපුරා අවසන්ය.
මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අනුගමනය කිරීම පමණකින් රටේ අර්බුදය අපට විසඳාගත නොහේ. ආර්ථිකයක් අඩපණ වූ කල්හි ගොඩයෑම සඳහා මාවත වනුයේ තවත් ණය ගොඩක් සඳහා කර තැබීම නොවේ. නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ ලෝකය ජය ගැනීමය. එයට ඇති මාර්ගය විවෘත වන්නේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඔස්සේය.
නව රජය සඳහා ලෝකයේ සතර අතින් සහය හිමිවෙන ලකුණු සියල්ල දැන් පළ ව තිබේ. මෙම ආණ්ඩුව වූ කලී නව බලවේගයකි. එයට අතීතයේ සුන්බුන් නැත්තේ හෙයින් අමිහිරි පැරණි මතක ඒ සමඟ නැත. මෙය රටේ වාසිය සඳහා මේ මොහොතේ උපයෝගී කර ගත හැකි අගනාම වාසියක් වන්නේය. අන් රටවල කඳවුරු දෙස බලා නොව, ශ්‍රී ලංකාවේ උන්නතිය තකා විදෙස් රාජ්‍ය තන්ත්රය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව පවතින්නේ ඒ සාධකය මතය. මෙම අවස්ථාව අප පැහැර හැරිය යුතු නැත. තවමත් අප සිටින්නේ ණය ගෙවීම පැහැර හරින ලද රටක් ලෙසය.
එසේ වුවත් නොසිතූ ආර්ථික වර්ධනයක් සඳහා රට ගමන් කර ඇත්තේය. මේ වසර ආරම්භයේදී පුරෝකථනය කළ 4.4%ක ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි අගයකින් වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරනුයේ එහෙයිනි. නව වසර ආරම්භ වන්නේ අලුත් පාර්ලිමේන්තුවක් රටේ බලය ලබාගෙනය. මෙම ආර්ථික වර්ධනය සඳහා රාජ්‍ය තාන්ත්‍රික නව සම්බන්ධතාව අපගේ හෙට දවස සඳහා නව මාවතක් විවර කරනවා ඇත.
අපනයනය ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඇතුළු අභියෝග හයකට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට සහ ප්‍රතිසංස්කරණය වේගවත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි නම් වසරකට නව රැකියා ලක්ෂ එකහමාරකට ආසන්න සංඛ්‍යාවක් සමඟ, එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඇත්තේ බැව් ලෝක බැංකුව සඳහන් කරන්නේය.
මේ වනාහි අනාගත ශ්‍රී ලංකාව සඳහා වන න්‍යාය පත්‍රයය. එතැනදී අවශ්‍ය වන්නේ කඳවුරුගත නොවූ විදග්ධ පාලන ව්‍යුහයක් පමණය. ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික ශක්‍යතාව වත්මන් රජය දැන් ගොඩනංවා අවසන්ය.
සපැමිණි රාජ්‍ය නායකයන්, සුබ පැතුම් ලබා දුන් රාජ්‍යයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවේ අලුත් වෙනස පිළිබඳව සංවේදීය. ඔවුහු මේ නැවුම් බලවේගයේ සුබදායිභාවය ආඝ්‍රාහණය කර ඇත්තේය. රටේ කතාවේ අලුත් ගමන අපට ලිවිය හැකි වනු ඇත.