Home » විද්‍යාගාරය සහ සංගීත කාමරය සිසු අයිතියට

විද්‍යාගාරය සහ සංගීත කාමරය සිසු අයිතියට

by Mahesh Lakehouse
October 12, 2024 12:29 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ දිරිය අරුණ අනුකමිටුව මගින් සිදු කරන දිරිය අරුණ සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ බප/ මතු / පැලැන්ද මහ විද්‍යාලය සඳහා සංගීත කාමරය සහ විද්‍යාගාරය ප්‍රතිසංස්කරණයෙන් පසු මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ විද්‍යාගාරය සහ සංගීත කාමරය ලෙස නම් කර සිසු අයිතියට පත් කිරීම 19 වැනිදා සිදු කෙරේ.

එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මනෝරි ගමගේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය චන්දන හේවගේ ඇතුළු ආචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ශිෂ්‍ය සංගමයේ මෙහෙය වීමෙන් මෙවර අදියර සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වෛද්‍ය පීඨයේ 32 වන කණ්ඩායමේ සහ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන කණ්ඩායමේ සිසුන්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division