1.1K
විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පසුගියදා පැවැති පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කර ඇති බැවින් අතුරු දීමනාව සතියක් ඇතුළත වෙන වෙනම බැර කරන ලෙසට නියෝග කළ ජනාධිපතිවරයා එය ලබන මාසයේ සිට මාසික විශ්‍රාම වැටුපට ඇතුළත් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.