වාහන ආනයන සීමා පනවා තිබුණද පසුගිය සැප්තැම්බර් මාසය වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ වාහන 84,29,156ක් ක් ලියාපදිංචි කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ පසුගිය සැප්තැම්බර් මාසය වන විට මෙරට ලියාපදිංචි වාහනවලින් 58%ක්ම යතුරුපැදි බවයි. ඒ අනුව යතුරුපැදි 48,99,426ක් හා ත්‍රි රෝද රථ 11,84,489ක් හා මෝටර් රථ 904,876ක් ලියාපදිංචි කර ඇති අතර, ද්විත්ව කාර්ය වාහන 451,417ක්ද ඉඩම් වාහන 400,325ක්ද ලියාපදිංචි කර ඇත. එසේම ලොරි හා ටිපර් රථ 350,737ක්ද ලියාපදිංචි කර ඇත.
කෙසේ වුවත් මේ වාහන අතුරින් ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් මේ වන විට බලපත්‍ර ලබාගැනීම් හා තොරතුරු යාවත්කාලීන නොකරන නිසා ඒවා භාවිත නොකරන වාහන සේ සැලකීමට කටයුතු කර ඇතැයිද පැවසුවේය.
තාරක වික්‍රමසේකර