Home » බලාපොරොත්තු වූවාට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වැඩිවෙලා

බලාපොරොත්තු වූවාට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වැඩිවෙලා

ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ

by Mahesh Lakehouse
October 12, 2024 12:36 am 0 comment

මේ වසර අවසානයේදී පුරෝකථනය කළ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි අගයකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

මේ වසර ආරම්භයේදී සිදු කළ පුරෝකථනයට අනුව එය 4.4%ට වඩා වැඩි ආර්ථික වේගයක් සිදු වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේ Sri Lanka Development Update හා Opening up to the Future වාර්තා ඇසුරු කරගනිමිනි.

අපනයනය ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඇතුළු අභියෝග 6කට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට සහ ප්‍රතිසංස්කරණය වේගවත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි නම් වසරකට නව රැකියා ලක්ෂ එකහමාරකට ආසන්න (142,500) එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමට අවස්ථාව තිබෙන බවද මෙහිදී පෙන්වා දී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division