හොරොව්පතාන, මොරකෑව පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ
අපි දේව පූජා සහ දේව කන්නලව් පිළිබඳව ඕනෑතරම් අසා දැන ඇත්තෙමු. අපේ සංස්කෘතිය සමඟ බද්ධ වී ඇති දේව පූජා සංකල්පය ගහට පොත්ත සේය. ලෞකික සමාජය තුළදී එදිනෙදා ජීවන ගමනේ ඇතිවන ගැටලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අපොහොසත් වන හැම මොහොතකම බොහෝදෙනාගේ අපේක්ෂාව වන්නේ දෙවියන්ගේ පිහිට ආධාර පැතීමයි.
නොපෙනෙන බලවේගවලින් පිහිට ලාභ ලැබෙන බව විශ්වාස කරන බැතිමතුන් තම අභිලාෂ ඉටුකර ගැනීම සහ දේව ශාන්තිය පිහිටුවා ගැනීමට යොමු වන්නේ නිරායාසයෙනි. අප මේ සාකච්ඡා කරනු ලබන දෙවොල් දෙවියන් ද පොළෝවාසී අතිප්‍රබල ප්‍රතාපවත් ධීර වීර දෙවි කෙනෙකි. අපේ සමාජයේ බොහෝ අය දෙවොල් දෙවියන්ගෙන් පිහිට ලැබීමට යොමුව නැතත් උන්වහන්සේගේ පිහිට ප්‍රාර්ථනා කරන එහි අත්දැකීම් ලද යම් පිරිසක් මේ සමාජයේ වෙසෙන බව නම් සත්‍යයකි. ඔබට හුරුපුරුදු දෙවිවරු මෙන්ම දෙවොල් දෙවියන්ගේ ද බලපරාක්‍රමයක් ඇති බව මා අත්දැක ඇති නිසාවෙන්ම ඔබගේ පල ප්‍රයෝජනය සඳහා ඔබ දැනුම්වත් කිරීම නිවැරදිව ඉටුකිරීමට මා වග බලා ගන්නේ දෙවොල් දෙවියන්ගේ ප්‍රබල බලය මා ඇස්පනාපිට අත්දැක ඇති නිසාමය.
ඕනෑම දේව පූජාවක් අවසානයේ දෙවියන් උදෙසා පින්දීම සාම්ප්‍රදායික ක්‍රමයකි. දෙවියන් උදෙසා පින්දීම සහ පින් අනුමෝදන් කිරීම පිළිබඳව අපි නිවැරදිව දැන සිටීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමට හේතුවන බව ප්‍රත්‍යක්ෂ වන කරුණකි. ඒ නිසාම දෙවොල් දෙවියන් උදෙසා ද පින් දෙන නිවැරදි ගාථාව දැන සිටීම උන්වහන්සේගේ බැතිමතුනට ඉතාම ප්‍රයෝජනවත් වන බව නම් සත්‍යම කරුණකි. එමනිසාම උන්වහන්සේට පින්දෙන නිවැරදි ගාථා පාඨ දැන ගැනීම වඩාත් සුදුසුය.
•දෙවොල් දෙවියන්ට පින්දෙන ගාථා
ධීර ගුණානුභාවෙන
අභිමාතේපි හි පූජිතෝ
ජන්තුපකාරෝ දෙවොල් දේවෝ
කතං මේ පූඤ්ඤානුමෝදතු
•තේරුම
ප්‍රතාපවත් වූ ගුණයන්ගෙන් ද
කිසිවකුට නොදැවෙනි වන්නාවූ
ආනුභාවයකින් සහ අභිමානයකින්
හෙබියා වූ සියලු ජනයාට
මෙත් සිතින් උපකාර කරන්නාවූ
නිතර නිතර පිදුම් ලබන්නාවූ
දෙවෝ දේවරාජයාණන්වහන්ස
මා විසින් කරන ලද පින් අනුමෝදන් වන්න
•ගාථාව
කුරංබර කඩවර සේනා
පුණයක්වා පි පරිවුතෝ
සූර වීර දෙවොල් දේවෝ
ඉමං පුඤ්ඤානුමෝදතු
•තේරුම
කුරංබර හා කඩවර සේනාවක් ද
නැවත පූණා යක්ෂ සේනාවක් ද
පිරිවරාගෙන වැඩ සිටින ශූර වීර වූ
දෙවොල් දිව්‍ය රාජයාණන් වහන්ස
මේ පින් අනුමෝදන් වන්න