708
මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිල වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී නත්තල් කේක් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, නිවර්තන තේමාවන්ගෙන් හැඩ වූ උත්කර්ෂවත් උත්සවයකින් ඇරැඹීය. මේ මඟින් වෙහෙසකර කාලයකට පසු එළැඹෙන නිවාඩු සමයක ආරම්භය සනිටුහන් විය. සාම්ප්‍රදායික බෙර වාදන මධ්‍යයේ සූපවේදීන් නත්තල් කේක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ආරම්භ කළේය. කුළු බඩු වර්ග, පලතුරු සහ විවිධ ඇට වර්ග මිශ්‍ර කරන මෙම පැරැණි චාරිත්‍රයට පැමිණ සිටි අමුත්තන් ද සහභාගි විය.