Home » ප්‍රකෝටිපති රතන් ටාටා වැඩිම සතුටක් ලද දවස…

ප්‍රකෝටිපති රතන් ටාටා වැඩිම සතුටක් ලද දවස…

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

දිනක් ජනප්‍රිය නාළිකාවක ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන රතන් ටාටා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකයෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවා.

සර් ඔබේ ජීවිතේ වැඩිම සතුටක් ලැබුවේද කුමකින්ද කියා ඇසුවොත් මොන වගේ දෙයක්ද ඔළුවට එන්නෙ?

මඳක් කල්පනා කළ රතන් ටාටා මෙසේ පැවසුවා.

මම ජීවිතයේ සතුට සොයන අවස්ථා හතරක් පසු කර තිබෙනවා. හැබැයි සතුටේ සැබෑ අරුත මට වැටහුණේ අවසානයේදියි. සතුට සොයා යාමේදි මගේ පළමු අදියර වූයේ ධනය හා සම්පත් රැස් කිරීමයි.

ඒත් මම ඒකෙ උපරිමයට ළඟා වුණත් මම අපේක්ෂා කළ සතුටනම් ලැබුණෙ නෑ. ඉන්පස්සෙ මම වටිනා භාණ්ඩ එකතු කිරීමේ දෙවන අදියර ආරම්භ කළා.

නමුත් ඒ සතුටත් තාවකාලික බව වගේම වටිනා දේවල බැබළීම වැඩි කල් පවතින්නේ නැති බවත් මට ඉක්මනටම වැටහුණා.

ඉන්පසුව මම පිවිසුණේ විශාල ව්‍යාපෘති හඹා යාමේ තුන්වන අදියරටයි. ඒකෙදි තමයි මම ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඩීසල් සැපයුමෙන් 95% ක අයිතිය හිමි කරගත්තෙ.

ඉන්දියාවේ සහ ආසියාවේ විශාලතම වානේ කර්මාන්ත ශාලාවේ අයිතිකාරය වුණෙත් මම.

ඒත් මෙතැනදිත් මම හිතුව තරම් සතුටක් ලැබුණෙ නෑ..හතරවැනි පියවර මේ හැම එකකටම වඩා වෙනස් එකක්.

හැබෑ සතුට කියන්නෙ මොකක්ද කියල හිත හිතා ඉන්න වෙලාවෙ තමා මගේ යාළුවෙකුගෙන් අමුතු ඉල්ලීමක් ලැබුණෙ.

ආබාධිත දරුවන් දෙසීයකට රෝද පුටු අරන් දෙන්න පුළුවන්ද කියල එයා මගෙන් ඇහුවා.මිතුරාගේ ඉල්ලීම පරිදි, මම වහාම ඒක ඉටු කළා.

අන්න එදා තමා මම ජීවිතේ හැබෑ සතුට භුක්ති විඳි දවස.

(අන්තර්ජාලයෙන්)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division