Home » ඉන්දියාවේ බෞද්ධ උරුමය

ඉන්දියාවේ බෞද්ධ උරුමය

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් නවවැනි වරටත් සංවිධානය කරන ලද ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමය පිළිබඳ ප්‍රදර්ශනය වප් පුන් පොහෝ දින ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේදී පැවැත්විණ.

මෙම ප්‍රදර්ශනය පූජ්‍ය ගල්ටැම්වත්තේ ප්‍රඤ්ඤානන්ද හිමියන් සහ හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් හරිවින්දර් සිං විසින් විවෘත කරන ලදී.

බුද්ධ චරිතයේ වැදගත් අවස්ථාවන් සහ ඉන්දියාවේ වැදගත් බෞද්ධ සිද්ධස්ථානවල ඡායාරූප රැසක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.

ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමය පිළිබඳ මෙම ප්‍රදර්ශන මාලාව මෙම වසරේ නවම් පොහෝ දින සිට සෑම පොහෝ දිනකදීම දිවයින පුරා විවිධ විහාරස්ථානවල පවත්වන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division