ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එහි ප්රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීම ගැන අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රවාහන හා මහාමාර්ග නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. විශේෂයෙන්ම එවන් ව්‍යාපෘතිවලදී නිසි විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියන් අනුගමනය කළ යුතු බවත් කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එම ව්‍යාපෘති හරහා ග්‍රාමීය ජනතාවට ප්රතිලාභ ලැබීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කර තිබුණි.