Home » සඳු අපලය දුරුකරන ප්‍රබල පත්තිනි පූජාව

සඳු අපලය දුරුකරන ප්‍රබල පත්තිනි පූජාව

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ඔබ ගෙවනුයේ සඳුගේ මහ දශාව හෝ අන්තර් දශාව නම් ජීවිතයේ ‘වසන්තය’ උදා කරගන්න ඔබටත් පුළුවනි. සඳු අපලවලින් ගැලවෙන්න මේ ක්‍රමවේදය අත්හදා බලන්න.

ජ්‍යෙතිෂයේ මව ලෙස සඳු ග්‍රහයා හඳුන්වනු ලබයි. පූජා තබා සඳු අපලයෙන් ගැලවීම සඳහා අප ආශීර්වාද ලබන අප ගන්නේ සඳු ග්‍රහයාගෙනි.
රැකියා නැතිව අන්ත අසරණ වූ අය, කනකර පවා උකස් කර පාරට වැටුණු අය, දරුපල නොමැතිව දුක්විඳින අය, විශාල කරදර ඇති අය වෙනුවෙන් සඳු ග්‍රහයා පිදීම සඳහා පවත්වන මේ මල් පත්තිනි පූජාවේ ප්‍රබල හාස්කම් ඔබට ඇස්පනාපිටම දැක ගත හැකිය. වසර 30ක මගේ ජ්‍යෙතිෂ්‍ය දිවියේදී මා දුටු ඉතාම බලගතු පූජාවත් මෙයයි. මේ බලගතු පූජාව නියමාකාරයෙන් පවත්වන ආකාරය කිසිම ගුරු මුෂ්ටියකින් තොරව ඔබ හමුවේ මෙසේ තබන්නෙමි.

මේ පූජාවට එක්දිනක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

1. අලුත් බැතකින් ලබාගත්
කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 3ක්
2. කිතුල් හකුරු බෑ 07ක්
3. සුවඳ සමන්පිච්ච මල් 108ක්
4. පිරිසිදු තැඹිලි තෙල් බෝතල් 02ක්
5. පොල් ගෙඩි 07ක මිටිකිරි
6. අලුත් මැටි පහන් 21ක්, කුඩා මුට්ටි 21 ක්
7. පත්තිනි දේව ප්‍රතිමාවක්
8. සුවඳ හඳුන්කූරු මිටි 02ක්
9. අලුත් බැතක ගොයම් ගස් මිටි 7ක්
10. අඩි 2 1/2 පමණ දිග කෙසෙල් දළු 07ක්

• දින හතක් එක දිගට එළවළු සහිත බත් පමණක්
ආහාරයට ගත යුතුය.
• පූජාවට කලින් දින විහාරස්ථානයට ගොස් මල් පහන් පූජා කරන්න. බුදුන් වැඳ සියලු දෙවිවරුන්ට පින් දෙන්න.
• මේ පූජාව තැබිය යුත්තේ
නවගමුවේ උතුම් පත්තිනි දේවාල භූමියේ සිටයි.
• හකුරු කුඩු කරගන්න, අමු කහ ගස් 21 පරවෙන්න නොදී
වතුරේ දමා තබන්න.
• මුඛ වාඩම් බැඳ අලුයම 2ට පමණ කිරිපිඬු විශාල සාස්පානක තනාගන්න. (කිසිම විටක මෙය ඉඳුල් නොකළ යුතුය.)
• ස්නානය කර ඉතා පිරිසිදුව සියලු දේ රැගෙන පත්තිනි දේවාලයට පාන්දර 5.00ට පමණ යන්න. එහි කපුමහතෙකුගෙන් අසා තැනක් සුවිශේෂ පත්තිනි පූජාව සඳහා දැනගන්න.
• කෙසෙල් කොළ 07 අතුරන්න. පත්තිනි පිළිරුව අසල උස් ස්ථානයක තබා ගන්න.
• කිරිපිඬු මුට්ටි 21ට දමා ගන්න.
• එම අධිෂ්ඨානයෙන් මහා භක්තියෙන් පත්තිනි මෑණියන්ට මේ පූජාව කැප කරන්න‍
• එක කෙසෙල් දල්ලකට මුට්ටි 3 ගානේ කිරිපිඬු තබන්න. මේ සියල්ල උතුම් දෙවඟනට කැප කරන ගානේ ඔබේ සිතේ ඇති දුක, බලාපොරොත්තුව, මුමුනන්න, කඳුළු එනකම් අධිෂ්ඨානශීලීව අවශ්‍ය දේ පත්තිනි දෙවඟනට පවසන්න.
•හකුරු කුඩු කරගත් ප්‍රමාණය 07කට බෙදා බුලත් කොළවල තබා එකගානේ කිරිපිඬු මුට්ටි තුනට මැදිවන සේ තබන්න.
•ගොයම් මිටි 07 ගෙන “මේ සශ්‍රික ලෙස ගොයම් සැදුනා සේ පත්තිනි මෑණි පිහිටෙන් මගේ ජීවිතේ (ඔබේ බලාපොරොත්තුව සඳහන් කර) එය ඉටුකර දෙන” ලෙස පත්තිනි මෑණියන්ට කන්නලව් කරන්න.
•මල් ටික 07කට බෙදා කිරිපිඬු මත සමන්පිච්ච මල් ඉසිමින් ඉතා භක්තියෙන් පත්තිනි හෑල්ල කියන්න.

සත්පත්තිනි දෙවියනි ඔබ මෙන්න වඳිනවා….
ඔබට මෙතන මල් යහනක් තබා තිබෙනා ….
අප වෙත අනුකම්පාවෙන් දිවැස් බලනවා….
සත්පත්තිනි දෙවියනි මල් යහන් වඩිනවා ….

ජලෙනි දිලෙනි සුරඹ පතිනි උපන්නා ….
ලේනි කුලෙහි සළුවෙහි එක් වරක් උපන්නා ….
එවෙනි සවෙනි සත්වෙනි වර අඹෙන් උපන්නා ….
මෙවැනි පතිනි තෙදින මෙලක් දිව බබළන්නා ….

අමුකහ පැළ 21 කිරිපිඬු මුට්ටි 21 වටේ රවුමට ගැට ගසන්න. ගැට ගසන ගමන් ඔබේ බලාපොරොත්තුව මුළුමනින්ම ඉටුවේවායි අධිෂ්ඨාන කරන්න. පහන් 21 ද ඉතාම භක්තියෙන් පහන් තබන තැන තැඹිලි තෙල් දමා පත්තු කර සුවඳ හඳුන්කූරු දල්වන්න. පත්තිනි හෑල්ල කියා දෙවඟනට කන්නලව් කරන්න. ඔබේ යහපත් ප්‍රාර්ථනය ඉටු‍ෙවනවාමයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division