Home » ලංකා බැංකුවෙන් විදේශ විනිමය උපයන සැමට ‘Smart Freelancer’

ලංකා බැංකුවෙන් විදේශ විනිමය උපයන සැමට ‘Smart Freelancer’

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ලංකා බැංකුව සිය නවතම ප්‍රේෂණ හා ඉතුරුම් යෝජනා ක්‍රමය වන “Smart Freelancer” ගිණුම එළි දැක්වීම සිදු කෙරිණි. මෙම සුවිශේෂී ගිණුම මෙරට සිටම විදේශ විනිමය උපයන Freelancer ව්‍යවසායකයින් වෙනුවෙන්ම සුවිශේෂී පහසුකම් රැසක් සමඟින් නිර්මාණය කරන ලද විශේෂිත ඉතුරුම් ගිණුමක් ලෙස හඳුන්වා දිය හැකිය.

මේ පිළිබඳ, වයි.ඒ. ජයතිලක මහතා (නිමැවුම් හා බැංකු සංවර්ධන) ප්‍රකාශ කළේ.

” රටේ විදේශ විනිමය සංචිත වර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණත් සමඟ අපගේ ආර්ථිකයට උපරිම ඩිජිටල් ආර්ථික දායකත්වයක් ලබා දෙන සුවිශේෂීම ගනුදෙනුකරුවන් වන ශ්‍රී ලාංකික Freelancer ව්‍යවසායකයින් සවිබල ගන්වමින්, ඔවුන්ට දිනෙන් දින වෙනස් වන නැවුම් මූල්‍ය අවශ්‍යතා ලබා දෙමින්, සිය ආර්ථිකය සහ ව්‍යාපාර තත්ත්වය උසස් මට්ටමකට ගෙන යාමට හැකි උපරිමයෙන්ම දායකවීම ජාත්‍යන්තරව පිළිගත් ලංකාවේ අංක 1 මූල්‍ය ආයතනය ලෙස අපගේ මූලික අරමුණ බවයි… ”

“Smart Freelancer” ඉතුරුම් යෝජනා ක්‍රමය ඔබගේ මූල්‍ය අවශ්‍යතාවට ගැළපෙන අයුරින් ශ්‍රී ලංකා රුපියල් (LKR) හෝ විදේශ මුදල් යන දෙයාකාරයෙන්ම පවත්වා ගෙන යාමට අවස්ථාව උදාකර දී ඇත.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division