1.4K
මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතා සිළුමිණට කීය. දිනපතා කුඩා රැස්වීම් පවත්වමින් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කර ඇතැයි කී ඒ මහතා මේ වන විට ජනතාව පක්ෂය ගැන හොඳින් දැනුම්වත් වී ඇති බවද කීය.
සියලු ගම්මාන ආවරණය වන ආකාරයෙන් මේ දැනුවත් කිරීම් කර ඇතැයි කී බුද්ධික පතිරණ මහතා දිස්ත්‍රික් නායකයන්ගේ දැනුවත් කිරීම් අනුව සාමාන්‍යයෙන් දිනකට කුඩා රැස්වීම් 20ක් පමණ පැවැත්වීමට කටයුතු කරනු ලබන බවද කීවේය.