“පහුගිය දවස්වල ලලයි ලිලයි ලයි නාට්‍ය රූගත කරගා අවසන් වුණා. ඒත් තවම නාට්‍ය නම් විකාශනය වෙනවා. ඒ ටෙලි නාට්‍ය බලන ෙප්ර්ක්ෂකයෝ මඟදි හමුවුණාම ඒ ගැන කතාබහ කරනවා විස්තර අහනවා. ඒකත් හරි සතුටක්. පහුගිය කාලේ කාර්යයබහුල වෙලා හිටියට දැන්නම් ටිකක් විවේකයෙන් ඉන්නේ. මේ දවස්වල රඟපාන්න නාට්‍යයකුත් නැති නිසා දෙරණ, හිරු, සිරස, හි විකාශනය කෙරන කාටුන් නාට්‍ය වල හඬකැවීම් ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. පොඩි දරුවන්ව පිනවන්න ලැබෙන එකත් සතුටක්නේ. “
අපත් සමඟ එහෙම කියන්නේ රංගන ශිල්පි මංගල ජයමාන්න. ඔහු තමයි ලලයි ලිලයි ලයි නාට්‍ය යේ ‘කනකේ‘ කියන චරිතය රඟන්නේ . වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන මංගල ජනසන්නිවේදනය හා නාට්‍ය හා රංග කලාව විෂයන් දරුවන්ට උගන්වනු ලබයි.