1.4K
ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගම් උපදේශන ආයතනයක් වන TWC Capital සිය නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසාංජ පෙරේරා CFA, පත්කර තිබේ.
TWC Capital ආයතනය, ව්‍යාපාරික ඒකාබද්ධකරණය හා පවරා ගැනීම සඳහා ගනුදෙනු උපදේශන සේවා සපයන අතරම වත්කම් හා ණය ප්‍රාග්ධන සම්පාදනය සඳහා ව්‍යාපාර මූල්‍ය උපදේශනය, ව්‍යාපාර තක්සේරුකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන සේවාවන් ද සපයයි.
රසාංජ පෙරේරා මෙම පත්වීමට පෙර TWCහි ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සාර්ථක කාර්යභාරයක් ඉටු කළ අතර, ඔහුගේ උපායමාර්ගික නායකත්වය සහ විශේෂඥ දැනුම හේතුවෙන් ආයතනයේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය ඉහළම තලයකට ගෙන ඒමට හැකි විය.