ලෝක ළමා දින සැමරුමට සමගාමීව, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනය දරුවන්ට ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරමින් ඔවුන්ගේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට සැකසූ, “පොඩිත්තෝ – ළමා ඉතුරුම් ගිණුම” නවාංග රැසක් සහිතව නැවත දියත් කරනු ලැබීය.
කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ පැවති එම උලෙළට MI කළමනාකාර අධ්යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ලක්සඳ ගුණවර්ධන ඇතුළු කළමනාකාරීත්වය මෙන්ම, දරුවන් සහ මවුපියන් ද සහභාගි විය. මීට අමතරව, කුඩා කල සිටම මුදල් ඉතිරි කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින්, අධ්‍යාපනික සහ විනෝදජනක ක්‍රියාකරකම් මාලාවක් දිවයින පුරා පෙර පාසල් මූලික කරගනිමින් පවත්වනු ලැබීය.