641
ශ්රී ලංකාවේ ඓතිහාසික නුවර නගරයේ සූප ශාස්ත්ර ලෝලීන් මහත් අපේක්ෂාවෙන් බලා සිටි, දිවයින පුරා සිටින විශිෂ්ට සුපවේදීන් ගේ තරගාවලිය ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 02 දක්වා, නුවර සහස් උයන පරිශ්රයේ දී ඇති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
Lanka Exhibition and Conference Services (Pvt) Ltd විසින් මෙම තරගය සංවිධානය කරන ලද අතර නුවර, නුවරඑළිය සහ සංස්කෘතික ත්රිකෝණ හෝටල් හිමියන්ගේ සංගමය විසින් අනුග්රහය දැක්වීය. නවීන සූප ශාස්ත්ර ශිල්පීය ක්රමවල නවෝත්පාදන දිරිමත් කරමින් ශ්රී ලංකාවේ සූප ශාස්ත්ර උරුමය සැමරීම මෙම තරගයේ අරමුණ විය.