369
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත ලෝක බැංකු සමූහයේ සාමාජිකත්වය දරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් රු. මි. 3,270ක පමණ කොටස් ආයෝජනයක් සිදු කර තිබේ.
මෙම ආයෝජනය ආර්ථික අර්බුදයෙන් පසු සිදු කරනු ලැබූ විශාල විදේශ ආයෝජනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස IFC හට දැන් SHL හි 14.7%ක කොටස් හිමිකාරීත්වයක් ඇත.
විශේෂයෙන් ශ්වසනය ආශ්රිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීම දෙගුණ කිරීමෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව විශාල ලෙස වැඩි කිරීමට SHL සැලසුම් කර ඇත.