උඩහමුල්ල, ඇඹුල්දෙණිය, මිරිහාන, ජුබිලි කණුව ප්‍රදේශවල සිට දිනපතා කොළඹට පැමිණෙන සහ කොළඹ සිට නැවත උඩහමුල්ල දක්වා ගමන් කරන මඟීන්ට බස් නොමැතිකමින් අපහසුතාවට ලක්ව ඇත. ඒ උඩහමුල්ල බස් ඩිපෝවක් තිබියදීය.
බස් ඩිපෝවක් තිබියදි මෙලෙස කොළඹ දක්වා ගමන් කිරීමට බස් රථයක් නොමැති වීම අභාග්‍යකි. මේ ප්‍රදේශයේ ජනතාව කොළඹට යාමට නම් මුලින්ම නුගේගොඩට පැමිණිය යුතුය. නුගේගොඩ සුපිරි වෙළඳසල ළඟින් බැස හයිලෙවල් පාරට ගමන් කළ යුතුය.
උඩහමුල්ල සිට කොළඹට බස් යන්නේ උදේ වරුවට පමණි. කාර්යාලවලට සහ පාසල්වලට යන මගීන් වෙනුවෙන් උඩහමුල්ල ඩිපෝවේ සිට උදේ 6.50 ට 173 බස් මාර්ගයේද උදේ 7.10 ට 112 බස් මාර්ගයේද 7.30 ටද කොළඹ කරා බස් රථ තුනක් ධාවනය කෙරේ.
නැවතත් බස් ඇත්තේ දහවල් 11.30 ට සහ පස්වරු 3.30 ටය.
සවස කොළඹ සිට උඩහමුල්ල දක්වා ධාවනය වන්නේ බස් රථ දෙකක් පමණි. ඒ 4.30ට සහ පස්වරු 5ටය.
මේ ප්‍රදේශයේ සිට විශාල පිරිසක් සේවය සඳහා කොළඹට පැමිණෙන අතර ඔවුන් සඳහා මේ බස් රථ කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
ගමේ ඩිපෝවක් පැවතියදී කොළඹ දක්වා ගමන් කළ හැකි බස් රථ නොමැතිව අසරණව සිටින උඩහමුල්ල, ඇඹුල්දෙණිය, මිරිහාන සහ ජුබිලි කණුව ආදී ප්‍රදේශවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කර අවශ්‍ය බස් රථ ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිති.
– ප්‍රදේශයේ ජනතාව