කඳුරට ජායාරූප සංගමය සිය පනස් පස් වසරක ප්‍රගතිය සමරමින් පැවත්වූ සංවත්සර සභාව පසුගිය දා මහනුවර රොයල්මෝල් හෝටල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
1969 වසරේ දී ආරම්භ කර මේ දක්වාම ඡායාරූප ශිල්පයේ උන්නතිය උදෙසා පුරා වසර පනස් පහක් තිස්සේ අමිල මෙහෙවරක් ඉටු කළ කඳුරට ජායාරූප සංගමයේ සාමාජිකයන් පිරිසකට මෙහිදී “HON.FUPSS“ යන ගෞරව සම්මානය පුද කර කරන ලදි. එහි දී විශේෂ ආරාධිතයා වූ ප්‍රකට සම්මානනීය ජායාරූප ශිල්පී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම විසින් සංගමයේ පැරණිතම සමාජික “HFM-011“ දරන ඡායාරූප ශිල්පි, මාධ්‍යවේදි, විශ්‍රාමික විදුහල්පති, කලාභූෂණ, දියතිලකභිමාණි, ක්‍රිඩා කීර්ති, සාම විනිසුරු සමරසිංහ මාලාරච්චිට “HON.FUPSS“ ගෞරව සම්මානය පිරිනමන අවස්ථාව මෙහි වෙයි.
කඳුරට ඡායාරූප සංගමයේ සභාපති අතුල ජයසුන්දර, ලේකම් අයි. ඒ. සෙනවිරත්න යන නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි විය.
අරුණ ඩයස්