නීති විරෝධී දුම්වැටි හෙවත් විදෙස් රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන දුම්වැටි වැටලීම් පසුගිය කාලයේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බොහොමයක් සිදු කෙරිණි. තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන එවැනි නීති විරෝධී දුම්වැටි පාසල් ළමුන් සහ තරුණයන් අතර ජනප්‍රිය කරවීම ජාවාරම්කරුවන්ගේ අරමුණ වී තිබේ. එලෙස ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් විකිණීමට තිබියදී අත්අඩංගුවට ගැනීමට ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ට හැකි විය. ඒ පසුගිය දිනෙකය. එම දුම්වැටි තොගය අත්අඩංගුවට ගත් ආකාරය මෙලෙසිනි.
ගම්පොළ නගරයේ පවත්වාගෙන යනු ලබන පූජා භාණ්ඩ වෙළෙඳසලක සිවුරු පිරිකර ඇතුළු පූජා භාණ්ඩ වෙළෙඳාම කලෙක සිටම සිදු කෙරිණි. එහෙත් පසුගියදා එම පූජා භාණ්ඩ වෙළෙඳසලේ සිවුරු පිරිකර අතර සඟවා විකුණමින් තිබූ රුපියල් ලක්ෂ තිහකට අධික විදේශීය දුම්වැටි තොගයක් ගම්පොළ කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය දිනෙකය. ඒ, එම අංශයට ලැබුණු රහසිගත තොරතුරක් සම්බන්ධව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
පොලිසිය පවසන්නේ මේ සමඟ අත්අඩංගුවට ගත් එම ජාවාරමේ ප්‍රධාන සැකකරු විවිධ වංචාවන් සිදු කරමින් ධනය උපයන්නෙකු බවයි. ඔහුගෙන්ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ ඩී.සී.ඩී.බී. නිලධරයෝ ප්‍රකාශයක්ද ලබා ගත්හ.
රාජ්‍ය ආදායම් අහිමි කරමින් මේ ආකාරයට විදේශීය දුම්වැටි හොර රහසින් මෙරටට ගෙන එන මෙම පුද්ගලයා මීට පෙර රේගුවට හසුවීමෙන් පසු ඔහුට විශාල දඩ මුදලක් ද පනවා තිබූ බව පොලීසිය පවසයි. ඒ ගැනද මේ සැකකරුගෙන් පොලීසිය ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන තිබිණි.
මොහු විසින් පවත්වාගෙන යනු ලබන පූජා භාණ්ඩ ව්‍යාපාරය මුවාවෙන් මෙම දුම්වැටි ජාවාරම හෙවත් සිගරැට් ව්‍යාපාරය ද ඉතා පහසුවෙන් සිදුකරගෙන ගොස් ඇත.
සිවුරු පිරිකර අතර සඟවා තබන සිගරට් බණ්ඩල් (සිගරට් කාටුන්) පූජා භාණ්ඩ අලෙවි කරන ආකාරයට ඉතා ගෞරවනීය ලෙස සකස් කර (පාර්සල් කර) ලබාදීම සිදුකර ඇත්තේ මෙම වෙළෙඳසල ඉදිරිපිට රථවාහන අංශ රාජකාරී යෙදෙන පොලිස් නිලධාරීන්ට මෙන්ම නගරයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට හෝ මහජනයාට ද සැක නොසිෙතන ආකාරයටය. මේ ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු විසින් සිදුකරගෙන ගොස් තිබුණ බවද හෙළි විය.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලකගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමුදු කුමාර, උප පොලිස් පරීක්ෂක කසුන් ලක්මාල්, සැරයන්වරුන් වන 59209 ඉඳුනිල්, 60784 ජයලත් සහ 77942 ඉලංගකෝන් යන නිලධාරීන් මෙම වැටලීම සිදු කරන ලදි.
ගම්පොළ - සුරංග දිල්හාන්