Home » BOC බස්නාහිර පළාත්, මධ්‍යම පළාත් කාර්යාලය සහ ණය මධ්‍යස්ථානය නව නිවහනකට

BOC බස්නාහිර පළාත්, මධ්‍යම පළාත් කාර්යාලය සහ ණය මධ්‍යස්ථානය නව නිවහනකට

by sachintha
November 16, 2024 12:30 am 0 comment

සිය ආයතනික ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ සහ ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් සේවාවන් ප්‍රශස්ත කිරීමේ අරමුණින්, අංක 41, බ්‍රිස්ටල් වීදිය, කොළඹ 01 ලිපිනයේ පිහිටා තිබූ ලංකා බැංකුවේ බස්නාහිර පළාත් මධ්‍යම – පළාත් කාර්යාලය හා ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානය නව ගොඩනැඟිල්ලක ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකරු/ ප්‍රධාන විධායක නිලධාරී ඩබ්. පී. රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් – කලාප 1 කේ. ඒ. අජිත් කරුණාරත්න, නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික අය කර ගැනීම්) සම්පත් පෙරේරා සහ සහකාර මහා කළමනාකරු (ඛස්නාහිර පළාත – මධ්‍යම) එස්. කේ. ගජනායක ප්‍රමුඛ නිලධාරීන් කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් රැසක් සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division