සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අනුනායක නා හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවේ අනුමැතියෙන් ස්විට්සර්ලන්තයේ පුධාන සංඝනායක, ජිනීවා බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික නාහිමියන් වෙත ධර්ම කීර්ති ශ්‍රී ජාත්‍යන්තර භාෂා විශාරද යන ගෞරව නාමය පුද කර ඇත.
උන්වහන්සේගේ පැවිදි දිවියේ. බොහෝ කාලයක් කොළඹ ආනන්ද මහා විද්‍යාලය ඇතුළු දිවයිනේ පළාත් ගණනාවක පාසල්හි සේවය කර තිබේ. උන් වහන්සේ මෙරට බොහෝ මාධ්‍යයන්හි උගත් ධර්මදේශකයකු ලෙසද පුවත්පත් ලිපි සම්පාදනය හා ග්රන්ථ කතුවරයෙකු ලෙසද වසර 38 ක් ස්විට්සර්ලන්තය ප්‍රංශය ඇතුළු යුරෝපයේ හා ආසියාතික බොහෝ රටවල ද අමෙරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ආදී රටවලද ධර්මදූත භික්ෂුවක් ලෙස කරන ලද සුවිශේෂී සේවාවන් අගය කරමින් මේ ගෞරව නාමය පුද කර ඇත. මෙම සම්භාවනීය තනතුර භාර ගැනීමට උන්වහන්සේ මවුරට බලා වැඩම කෙරෙනු ඇත.