NDB බැංකුව, ශ්‍රී ලාංකේය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීමට පසුගිය දා ගාල්ල මවුන්ට් රීච් හෝටල් පරිශ්‍රයේදී ව්‍යාපාර උදෙසා ඩිජිටල් පරිවර්තනයේ වැදගත්කම පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි. මෙම උත්සවය දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පැවැත්වූ අතර බැංකුවේ නව්‍යකරණය වූ NEOSBIZ ඇප් එකෙහි සුවිශේෂී විශේෂාංග පිළිබඳ තවදුරටත් දැනුම බෙදා හදාගැනීම සඳහා අවස්ථාව හිමි විය. NEOSBIZ යනු ඩිජිටල් භාවිතාවන්හි ඉහළම තාක්ෂණයෙන් ව්‍යාපාරික මුල්‍ය කළමනාකරණය වඩා පහසු කරගැනීම වෙනුවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සඳහාම නිර්මාණය කරන ලද ව්‍යාපාරීක බැංකුකරණ විසඳුම වෙයි.
කර්මාන්තයේ ප්‍රවීණයන් සහ NDB බැංකුවේ ඉහළ නිලධාරීන් ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ වර්ධනය සඳහා ඩිජිටල් නවෝත්පාදනවල වැදගත්කම අවධාරණය කළ අතර, බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ කේන්ද්‍ර කරගත් බැංකුකරණ විසඳුම්වල තීරණාත්මක මෙවලමක් ලෙස NEOSBIZ ඇති වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.