Home » සියොළඟ දූලි ගාලා එළිදැකීම දෙසැ: 11දා

සියොළඟ දූලි ගාලා එළිදැකීම දෙසැ: 11දා

by Mahesh Lakehouse
November 23, 2024 12:27 am 0 comment

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ශිරෝමි රමලා පෙරේරා විසින් රචිත ‘සියොළඟ දූලි ගාලා’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම දෙසැම්බර් 11 වැනිදා බදාදා සවස 2.00ට කොළඹ – 07 ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ළමා අපචාර සම්බන්ධයෙන් ලියැවුණු මෙම කාව්‍ය ග්‍රන්ථයට පෙරවදන සැපයූ ප්‍රවීණ ගේය පද රචක ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් විසින් කාව්‍ය ග්‍රන්ථය පිළිබඳ කරනු ලබන දේශනයෙන් අනතුරුව වෛද්‍ය චාරිකා ආරියසිංහ මාරසිංහ විසින් එදින ළමා අපචාර සම්බන්ධ මුඛ්‍ය දේශනය පවත්වනු ලබයි. උපදේශකයකු මෙන්ම ප්‍රවීණ රංගධරයකු වන වින්සන් ගුණරත්න උපදේශනය පිළිබඳ දේශනයක් පවත්වනු ලැබේ.

ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.පී. චිත්‍රසිරි, හිටපු අභියාචනා අධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, ප්‍රවීණ ලේඛක මෙන්ම විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි, ප්‍රවීණ ගේය පද රචක මහින්ද චන්ද්‍ර‍ෙස්කර, ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වෙති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division