Home » පවු­ලයි සමා­ජ­යයි

පවු­ලයි සමා­ජ­යයි

by Mahesh Lakehouse
November 30, 2024 12:29 am 0 comment

දැනී අඟ­හිඟ බොහොම
සමු­දු­රු­ක­ර­ණ­යට
හිත ගත දිරි අරන්
ඉගිළ ගිය කිරි­ල්ලිය …..
ගෙවන දවස හෙම්බත්ව
සුරා සූදු­වට මත්ව
වැනී වැනි ඔහේ ඇදෙන
ඉබා­ගාතේ ජීවි­තය …….
පැහැය දිදුලා සුවඳ විහිදා
තැන තැන හිනැ­හෙ­මින්
පිපෙ­න්නට වෙර දරන
මල් කැකුළු අහිං­ස­කය …..
කාසි තර­ග­යට මත්ව
ගුණ සුවඳ අම­ත­කව
උනුන් පරයා නැගෙන
විවිධ විෂම සමා­ජය ……

නන්දිකා හේමාලි ලියන ගමගේ
උඩ­ව­ල්පොළ


ජීවි­තය ජීවත් කර­වයි

විව­රවූ මා දෑස් ඉංගි­රි­යාවේ
චිත්‍ර­ණය වු නුඹගේ – සුමට – සුනි­මල
පිය­කරු රූප­ණයේ ඉමක් නොවු
චම­ත්කා­රය…..
අදත් නොබිදේ රැකේ නොමැකී
ජීවි­තය විතැන් වන තෙක්ම
තිබේ වර්ණ නොමැතී අවර්ණ නොවී
ජීවි­තය ජීවත් කර­ව­මින
දඟ­කාර මුර­ණ්ඩු­වට අත්බැඳි
තාරු­ණ්‍යයේ දඩ­බ්බ­රය
සිඳ බිඳ දැමූයේ ඒ චිත්‍ර­ණය වූ රූප­කා­යයි
වැඩි මහ­ලුව දෑස් දසුන ලුහු වුවද
එකල්හි මනසේ රූප­ණය වූ රුව­මය
දු ද්විත්ව­යෙන්ම එක­තුව
මා සැන­සු­මෙනි අද දකින්නේ
තුති නුඹට ලබැ­දිය සැබැඳි

කඩු­ග­න්නාවේ – නෙවිල් පී. විද්‍යා­රත්න


හුස්ම

සෙල් මුවා ශික­රය
වසා වැගි­රෙන හිම­කද
සීත­ලට මුදා­ලයි
ප්‍රේමයේ ජල කඳ
ඒ සිසිල දැක
ඒ සිසිල විඳ
මුස­පත්ව පෙම් කරයි පිය­පත්
තීර්ථ යාති­ක­යෙක්…
ඉතින්,
උඔ හැම­දාම
හිම­ක­න්දක්ම වේ නම්
සෙනෙ­හ­සම වගුරා නම් සිතින් හැම­දා­මත්
රැඳෙ­නවා සත්තයි
හුස්ම යන තෙක්මත්….

ජනක එදි­රි­සිංහ


උඹට මත­කද මචං

සරොන් කංජක් ඇඳං
බෝක්කුව උඩ ඉඳං
සුදු සුරු­ට්ටුව ඇද්ද
උඹට මත­කද මචං……
එක එකා එක්ක අපි
දාගත්ත වලි ගොඩයි
ඇමි­ණු­නොත් ඇමි­ණෙන්නෙ
පර­දින්න නම් නෙමෙයි…….
වරු­ණිලා සඳු­නිලා
පස්සෙ වැටිලා ගියත්
උන් ගණන් ගත්තෙ නෑ
අපිව තඹ­ය­ක­ට­වත්
උන් හිතන් ඉන්නැත්තෙ
අපි වළේ­මයි කියල
දැන් උන්ට රිදෙ­නවා
අපි ඉන්න තැන් දැකල…..
වරුණි ඇවි­දින් උණට
බෙහෙත් ගන්නට මගෙන්
උණ කට්ට ඇනිල ඒකිගෙ හිතේ
මාව ඇඳු­නුව ගමන්….
ඒ කාලෙ අපි එකට
වළ බැහැපු තර­මක් !
සඳුනි එන­වලු උඹට
බාර දෙන්නට නඩු­වක්….

රුවන් ඩී. අළු­බෝ­මු­ල්ලගේ


නිසල සෙවණ

නමට ඇතත් වතු­පිටි හිමි­කම් පෙන්නා
ඉමට නඩු කියයි විර­ස­කවී දෙන්නා
කුමට වස්තු තන්හා පොදි බැඳ ගන්නා
සැමට බෝස­තෙකි දොඩ­වයි ගජ බින්නා
රැස් කර ධනය ලොබ වී පැහැදි දානෙන්
පස් කඳ රකි­න්නයි මේ සේරම සීනෙන්
වෙස් සන්ත­රව විය­දම් කර මදු පානෙන්
ඇස් වැසු විට “නිසල සෙවණ”ට යයි ගානෙන්
සසල වෙමින් වය­සට යන විට දිරුමේ
කුසල බලය නැත පණ යන විට කරුමේ
කසළ ගොඩකි පස්කඳ මිය­ගිය අරුමේ
“නිසල සෙවණ” අයි­තිය ලැබුණා උරුමේ

මුණ­සිංහ – නිශ්ශංක


දැහැ­නෙන් මිදු­නෙමි

බණ මඩුව කෙළ­වරේ ඇය රැඳී සිටි­නවා
අතේ නව­ගුණ වැලක් එකින් එක ගණි­නවා
ඉති­පිසෝ කිය කියා භාවනා කර­නවා
මගේ හිත කොහේදෝ මා නොදැන දුව­නවා
නව යොවුන් වියට ඇය පිය නඟන අව­දියේ
බෝ මළු­වේදි දුටුව ඇයට මගෙ සිත ගියේ
ඉඟි මරපු හැටි තවම ඇත මගේ මත­කයේ
විලි බියෙන් ඇඹ­රෙ­මින් ඈ ඉවත දිව ගියේ
මා දුන්න පෙම් හසුන අර­ගන්න පැකි­ළුණා
පිළි­තු­රක් ලෙස නීල නෙතු අගින් හින­හුණා
කෙමෙන් අප සෙ‍ෙන­හ­සින් නොද­නීම ළං වුණා
බණ මඩුවෙ බෝ මළුවේ විහා­රෙදී හමු­වුණා
වසර ගණ­න­කට පසු බක්ම­හක් ළංවෙලා
කෙතේ අස්ව­නු­ව­ලින් අටු පිරි ඉති­රිලා
බැලු බැලු අතේ තුරු මල්ව­ලින් බර­වෙලා
සුබ නැක­තින් අපට දෙපස අය ළං කළා

දීප්ත කරු­ණ­රත්න
– නික­වැ­ර­ටිය


ආද­ර­ණීය තාත්තේ

මළ බෙර හඬක් ඇසෙනා විට
හිත දුවලා යනවා අතී­ත­යට
පෙට්ටි­යක වැතිරී නුඹ ආ හැටි
මැවි මැවී පේනවා ඇස් දෙක මත
වියෝ දුක දරා ගන්නට නො හැකිව
ඉති – ගසා ඇඬුවා මම ඒ දිනවල
ඉබේම ඉකි බිදෙ­නවා තාත්තේ……
සඟව ඉන්නව හැදු­වට
උර­හිස් අතින් පෙට්ටිය
පෙර­හැ­රෙන් සොහොන වෙත
නුඹත් එදා ගිය හැටි
සිහි වෙනවා මගේ හද පතුළ තුළ
අද­හ­න්නට බැරිව හිත
මඟ බැලුවා හැම හැන්දා වකට
ඒත් දැන් තේරෙ­නවා තාත්තේ
නුඹ යළිත් නොඑන වග

අසංක දේවේන්ද්‍ර
– රත්ම­ලාන


අප්පච්චී නැති­වුණ දා

ගිනි­යම් අව්වෙන් නිබ­ඳව
දැවෙන කතර උද­නැක්කේ
අඳුරු දුමින් පුරා ගන්නෙ
අතී­ත­යක දුක් සංකා
මත­කෙට ගෙන එන්න­ටදෝ……
අපේ ගෙදර මිදුල කොනේ
දෝතුරු ගස් දිහා බලන්
පෙර දව­සක සිකු­රාදා
හවස් ජාමෙ ඉන්න කොටත්
මේ විදි­යට අහස් කුසම
අඳුරු දුමින් වැසී ගියා….
“මොකද පුතේ පාර බලන්”
කිරි අම්මා ළඟට ඇවිත්
ඔළුව මගේ පිරි­ම­දිද්දි
“අදනෙ එන්නෙ අප්පච්චී
තාම නෑනෙ අද ආවේ”…..
සිකු­රාදා රෑ බස් එක
බලං ඉඳල කල­බ­ලවී
මං නැති­වට අඳුර මැදින්
පාරට විත් හිටිය දවසෙ
තිබුණ අඳුර මීට වෙනස්

සත­ර­ති­ලක බණ්ඩා අටු­ගොඩ
– පිට­කෝට්ටේ


බව කතර

පළමු හද හමු­වෙලා සිතුව ජය එය කියා
ඉගෙ­නීම පසෙ­කලා සතුට සොයලා ගියා
ටික කලක් ගත­වෙලා සිත වෙනස් වී ගියා
දැන් හොඳට තේරිලා ඒක වැර­දියි කියා
නිදි ඇඳේ පෙර­ලෙ­මින් සිහින මැව්වා එදා
සැම විටම සිත හමුව සතුටු බස් දී සදා
විල් දියේ පිපි දිලෙන නෙලුම් කුසු­මකි එදා
සිතින් අද සතුටු වෙමි සිහිව ඒ කල සදා
තුරුණු විය ගෙවී ගොස් දිවියෙ අග පැමි­ණෙද්දි
සියලු රස හැඟුම් පොදි ලිහී විසිරී යද්දී
එහෙට ගිය ඔන්චිල්ල මෙහෙම පැද්දී එද්දි
දැනේ බව කතරෙ දුර දිවි මගේ දිව යද්දි

පර­ක­න්දෙ­ණියේ රූප­සිරි කේ. ලිය­නගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division