2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වී දැනට වසර දහයක් (10) ආසන්නව පවතී. මෙම පනත නිසා මෙරට ජනතාව විසින් දැනගත යුතු එහෙත් වසන් කළ තොරතුරු රාශියක් සමාජගත විය.
2015 වසරේදී සිවිල් පුරවැසියන්ගේ මැදිහත් වීම මත එවක රජය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රවර්ධනයට යම් සාධනීය පියවරයන් රැසක් ගනු ලැබීය. එසේ වුවත් ඉන්පසු බලයට පැමිණි රජයන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනවශ්‍ය දෙයක් ලෙස සැලකීම නිසා එහි ඉදිරි ගමන ඇන හිටින තත්වයකට පත් විය.
මෙනිසා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාවට නඟමින් ඇත්තේ ඉතාම මන්දගාමී ස්වරූපයකිනි. එයට හේතුව කුමක්ද? තොරතුරු දැනගන්නවාට අකමැති පිරිසක් තවමත් සිටින නිසාද?
මේ පිළිබඳ අවධානය යොමු කර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සක්‍රිය කිරීමට පවතින බාධා ඉවත් කර තොරතුරු දැනගැනීමට ජනතාවට තියෙන අයිතිය තහවුරු කර දෙන මෙන් ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
බැසිල් කලපුගේ – මග්ගොන