කුලේ නහර ගැටගැසීම යනු වත්මනේ දක්නට අසන්නට ලැබෙන සුලබ රෝගී තත්ත්වයකි. මෙම රෝග තත්ත්වයෙන් වැඩිපුර පීඩා විඳිනු ලබන්නේ ස්ත්රී පාර්ශ්වයයි. ගර්භණී කාලයේදී හෝ දරු ප්රසූතියත් සමඟ ඇතිවන හෝමෝන වෙනස්කම් මේ රෝගී තත්ත්වයට බලපානු ලබයි.
විරේකය
එරඬු මුල්, කටු කරඳමුල්, වියළි ඉඟුරු, බැබිල මුල්, නික මුල්, දේවදාර කලං එක බැගින් ගෙන වතුර පත 08ක් දමා පත 08 එකට සිඳුවා උදේට එඬුරු තෙල් අවුන්ස බාගයක් දමා සහ සවසට සීනි මී පැණි දමා දෙවේලක් බොන්න. එය විරේක බෙහෙතකි.
දින දෙකකට පසු දෙවැනි කසාය ලෙස කොල්ලු, වියළි ඉඟුරු, සුදුළූනු, තිප්පිලි මුල්, උඳු, කලාඳුරු අල, බැබිල මුල්, බෙලි මුල්, මිදි මුල්, තොටිල මුල්, වදකහ කලං එක බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා සීනි මී පැණි දමා දෙවේලට දින 06ක් බොන්න.
කකුල් උණු වතුරෙන් තවා අමෘත බාලා තෛලය ගල්වන්න.