Home » සතියේ කලදවස

සතියේ කලදවස

දෙසැම්බර් 9 සිට 15 දක්වා

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

මේෂ – යහපත් සතියකි

සඳු ගමන් කරන්නේ 12, 1, 2 යන භාවයන් මතිනි. දුර ගමන් හෝ විදෙස් ගමන් යෙදිය හැකි උසස් උගත් අයගේ ඇසුර ලැබෙන බවක් දැක්වේ. අන්‍යයන්ගේ මෙන්ම මවගේ කීමද නොසලකා වැඩ කටයුතු කරන්නට පෙලඹේ සතියේ අග දින කීපය අතමිට මිල මුදල් ගැවසෙන සෑම දෙයකින්ම ලාභ ප්‍රයොජන ඇතිව සැනසිලිදායකව ගෙවන්නට හැකිවේ. ආර්ථිකය ශක්තිමත් වේ. ගෘහ ජීවිතය යහපත් වේ. අපල අවමවීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 6, 9 / සුබ වර්ණ – නිල්, /සුබ දවස් – අඟහරුවාදා, බදාදා

වෘෂභ – වාසනාව ගෙන දෙයි

සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම්වලට භාග්‍ය ඇත. සතියේ මැද හිතුවක්කාර අයුරින් කටයුතු කරන්නට පෙලඹේ. මවගේ සිත් නොරිදෙන අයුරින් කටයුතු කරන්න සිතා ගන්න. සතියේ අග වන විට සාමාජීය වශයෙන් ප්‍රිය මනාප බවක් ඇතිකර ගනී. කා අතරත් සුහදශීලි වෙයි. දරුවන්ගේ ජයග්‍රහණද අසන්නට ලැබෙයි. අපල අවමවීමට සාමාජීය පොදු වැඩවලට සහාය වන්න.

සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සෙනසුරාදා, බදාදා

මිථුන – රැකියා ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි සතියක් වන අතර දුර ගමන් බිමන් ද යෙදෙයි. ගෙදර දොර වැඩ කටයුතු පිළිබඳව මහත් උනන්දුවක් දක්වයි. දරුවන්ගේ දක්ෂතා අසන්නට දකින්නට ලැබෙන අතර ගෘහ ජීවිතය සාර්ථක වේ. හිතුවක්කාර තීරණ නොගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අපල මඟහැරේ.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක – පුණ්‍ය සිතුවිලි සහිතයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි පෙරදැරිව ආරම්භ වන සතියේ ඔබගේ සියලු යහපත් අරමුණු සපල වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. රැකියා කටයුතු වෙනුවෙන් ඇවිදීමට සිදු වුවත් ඒවායින් ලාභ ප්‍රයෝජන ලබයි. ගෘහ ජීවිතය මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතියද ඇති කරයි. බෝධි පූජා දානමය කටයුතු වන්දනා ගමන්වලට යොමු වෙයි. අපල අවමවීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ/ සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – මිශ්‍රපල ගෙනදෙයි

සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් කන වැකෙන්නට හැකි අතර ඉන් පසු දින කීපය යහපත්ය. ඇසුරු කරන අයට මෙන්ම පිටස්තර අයටද උදව් උපකාර කරමින් දෙලොව යහපත පිණිස කටයුතු සම්පාදනය කර ගනියි. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ප්‍රගතිය ගෙන දෙන පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ කෙරෙන සතියකි. අපල අවමවීමට දෙමවුපියන්ට සලකන්න.

සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බදාදා

තුලා – ජයග්‍රාහී සතියකි

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. රැකියා ව්‍යාපාර වෙනුවෙන් කැප කිරීමක් කළහොත් ලාභ ප්‍රයෝජන ගැනීමට ඔබට හැකියාව ඇත. සතුරන් පවා මිතුරු කරගෙන ආර්ථික ශක්තිය ගොඩනංවා ගැනීමට උපක්‍රමශීලි වේ. සමාජ සත්කාරක සහ පොදු වැඩවලට දායකත්වයක් ලබාදෙයි. සතිය අවසානයේ ගැටලු පැනනැඟිය හැකි බැවින් බුද්ධිමත් වන්න. අපල අවමවීමට දස දිසා පිරිත කියන්න.

සුබ අංක – 4, 7 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා

වෘශ්චික – දරුවන්ගේ යහපත

සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපනය විවාහය ප්‍රේමය ආදී කටයුතුවල සුබවාදී පසුබිමක් නිර්මාණය වේ. රැකි රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන ලැබීමටත් වෙ‍ෙළඳාම වැඩි අංශවලින් පල ප්‍රයෝජන ගැනීමටත් හැකියාව පවතී. පොදු සාමාජීය කටයුතුවල නිරතවීමෙන් ප්‍රසාදයක් ලබයි ආර්ථික දියුණුවක් ද ඇතිවේ. සිත් රිදීම් කලකිරීම් වැනි දේට මුහුණ දීමට සිදුවේ.

සුබ අංක -1,2 / සුබ වර්ණ -රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

ධනු – මවුපිය සහයෝගය

සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදර දොර අතපසු වී තිබු කටයුතු මෙන්ම නව ගොඩනැංවීම් සිදු විය හැකි සතියකි. මවුපිය සහයෝගය ඇතිව දියුණුවේ මාවත් විවර විය හැකියි. කර්ම බලය ශක්තිමත්වීමක් අනුව සිදුවේ. අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ වීමේ ආරම්භයේ සිදු විය හැකිය. අපල අවමවීමට බෝමළුව පිරිසිදු කර පැන් කළයක් දමන්න.

සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, සිකුරාදා

මකර – පවුලේ බැඳීම් වර්ධනය වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. ඔබගේ සහජ දක්ෂතා වැඩිදියුණු කරගත හැකි මෙන්ම දරුවන්ගේ සුබවාදී අරමුණුවලට යහපත් සතියකි. සහෝදර උපකාර හිමි කර දී පවුලේ බැඳීම් වර්ධනය වේ. ගෙදරදොර කටයුතු පිළිවෙළකටත් පිරිසිදුවත් ඉටු කරන්නට බලයි. හිතුවක්කාර තීරණවලට එළඹී අන්‍යයන්ගේ උපදෙස් උපකාර පිටුදකින. අවස්ථාද මතු කරයි. ඒ නිසා සැම විටම උපේක්ෂාසහගත වන්න. සෙම් රෝග ඇති විය හැකියි. අපල අවම කර ගැනීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ඔබගේ කතාබහට අන්‍යයන් තුළ පැහැදීමක් ඇති වෙයි. මා පිය දූ දරු සබඳතා ගොඩනැඟෙන සතියකි. රැකියා, ව්‍යාපාරවලින් ස්වයංරැකියාවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. පුණ්‍ය කටයුතුවලට ද සහභා‍ෙ වීමේ අවස්ථා ගොඩනැඟෙයි අතපසු වූ වැඩ කොටස් නි‍ෙවසේ සහ පදිංචි ස්ථානය නැවත යථා තත්ත්වයට අපල අවමවීමට තිරිසන් සතුනට ආහාර දෙන්න.

සුබ අංක -7, 9 / සුබ වර්ණ – නිල්, කහ / සුබ දවස් – අඟහරුවාදා, සිකුරාදා

මීන – සුබ සතියකි

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. කා අතරත් සුහදශීලිව පොදු වැඩවලට සහභාගි වෙමින් කාලය ගෙවයි. වචනය ප්‍රවේශමෙන් පරිහරණය කිරීම ඔබගේ යහපතට හේතු වේ. ගෙදර දොර වැඩ කටයුතු දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇති කරයි. ආර්ථිකයද ශක්තිමත් වේ. යහපත් සතියකි. අපල අවමවීමට බෝධි පූජාවලට සහභාගි වන්න.

සුබ අංක -4, 9 / සුබ වර්ණ – රතු, කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division