Home » ජර්මනියේ ගොඩනැඟිලි ක්ෂේත්‍රයට DIMO Academy සහ HomeServe සුදුස්සන් සකසයි

ජර්මනියේ ගොඩනැඟිලි ක්ෂේත්‍රයට DIMO Academy සහ HomeServe සුදුස්සන් සකසයි

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන HomeServe Germany සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගත්තේය.

මෙම සහයෝගීතාව යටතේ DIMO Academy ජර්මානු ප්‍රමීතින් මත පදනම් වූ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK) විසින් සහතික කරන ලද ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති Plant Engineering ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන්ට HomeServe ආයතනය ජර්මනියේ සිය රැකියා අවස්ථා පිරිනමයි.

HomeServe Germany හි ප්‍රධාන විධායක නිලධාරී තෝමස් රෙබල් පැවසූයේ, “කාර්මික ශිල්පීන් සඳහා ජර්මනියේ ගොඩනැඟිලි සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා ඉහළ සුදුසුකම් සහිත කාර්මික ශිල්පීන් අවශ්‍යයි. DIMO Academy, ජර්මනියෙන් පිටත ජර්මානු වෘත්තීය නිර්ණායකවලට අනුකූලව ගොඩනැඟිලි සේවා අංශය සඳහා ‘A’ කාණ්ඩයේ පිළිගත් පුහුණු වැඩසටහනක් පිරිනමනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division