Home » ලොව ලාබාලම චෙස් ශූරයා වූ ඉන්දියාවේ ගුකේෂ්

ලොව ලාබාලම චෙස් ශූරයා වූ ඉන්දියාවේ ගුකේෂ්

by chanaka
December 13, 2024 10:10 am 0 comment

ඉන්දීයාවේ 18 හැවිරිදි ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju) ‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස අභිසෙස් ලබා තිබේ.

ඔහු ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමිනි.

ඒ අනුව ඩිං ලිරන්ව 7 පරාජය කළ ගුකේෂ් දොමරජු,18 වැනි ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගතවනු ඇත.

එමෙන්ම ඔහු විශ්වනාදන් ආනන්ද්ගෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වුණු දෙවන ලෝක ශූරයා ද වීම සුවිශේෂී වේ.

විදෙස් වාර්තාවන්ට අනුව ගුකේෂ් දොමරජු හමුවේ පරාජයට පත්වූ චීනයේ ඩිං ලිරන් මෙතෙක් ලෝකයේ පස්වන ස්ථානයේ සිටි චෙස් ශූරයා යි.

චීනයේ ඔහුට හිමි වන්නේ දෙවන ස්ථානය බව සඳහන්වේ.

තරග 14 කින් සමන්විත ලෝක ශූරතා තරගාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණි.

මෙම තරඟයෙන් ජයග්‍රහණය කළ ගුකේෂ් දොමරජු වයස අවුරුදු 6 හමාරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වී ඇති අතර මෙම ජයග්‍රහණය ලබන්නට හීන මවමින් සිටි බව පැවැසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division