“ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය හදිසි නියාමන ප්‍රතිසංස්කරණ: ”
ලංකා ගොඩනැඟිලි ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) එක්ව වත්මන් ශ්‍රී ලංකාවේ පවත්නා දැවෙන ආර්ථික අභියෝග හමුවේ ඉදිකිරීම් කර්මාන්තය ස්ථාවර කිරීම සහ ඊට පුනර්ජීවනයක් ලබාදීම සඳහා කඩිනම් නියාමන ප්‍රතිසංස්කරණයන් හි යෙදෙන ලෙස ඉල්ලීම් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කළ CIOB හි උප සභාපති, එමෙන්ම FCCISL හි මහජන සම්බන්ධතා කමිටුවේ සභාපති පී.එච්.රුවන් ද සිල්වා විසින් ඉදිකිරීම් කර්මාන්තයෙහි සුරක්ෂිත බව තහවුරු කිරීමට සහ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබාදීම උදෙසා ගත යුතු තීරණාත්මක ක්‍රියාමාර්ග මොනවාදැයි ගෙනහැර දක්වන ලදී.
සාමාන්‍යයෙන් ජාතික දල දේශීය නිෂ්පාදිතයට 7% සිට 9% දක්වා ප්‍රමාණයකින් දායක වූ ඉදිකිරීම් අංශය, පශ්චාත් වසංගත යුගයේදී 2% ට වඩා අවම මට්ටමක තියුණු පහත වැටීමකට මුහුණපා ඇත. වසංගතය හේතුවෙන් උද්ගත වූ ආර්ථික අවහිරතා, උද්ධමනය, ඉහළ පොලී අනුපාත සහ කොන්ත්‍රාත් සම්බන්ධ ගැටලු වැනි අනපේක්ෂිත අහිතකර බලපෑම්වලින් මිදීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති අරගලය කෙබඳුද යන්න මෙම පහත වැටීම මඟින් මනාව පිළිබිඹු වේ.
මෙහිදී අදහස් දැක්වූ රුවන් ද සිල්වා පැවැසුවේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ව්‍යවසායකයින්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවෙහි ඔරොත්තු දීමේ හැකියාව පෙර නොවූ විරූ පරිදි අභියෝගයට ලක්ව ඇති බවයි. ඉහළ යන ද්‍රව්‍යමය පිරිවැය, යල් පැන ගිය මිලකරණ ව්‍යුහයන් සහ නව ව්‍යාපෘති අවස්ථාවල මන්දගාමිත්වය හේතුවෙන් විශේෂයෙන් මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවෝ සැලකිය යුතු මූල්‍ය පීඩනයකට මුහුණ දෙමින් සිටිති. රාජ්‍ය මැදිහත්වීම සහිතව මුදල් ප්‍රවාහය ස්ථාවර කිරීම, මූල්‍ය අවදානම් අවම කිරීම සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා සහය වීමට කාලෝචිත ක්‍රියාමාර්ගයන්ට එළඹීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නවතා දැමූ හෝ ප්‍රමාද කරන ලද තවත් ව්‍යාපෘති ගණනාවක් නැවත පණ ගැන්වීම ද මෙයට ඇතුළත් වන බව සඳහන් කළේය.
ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන අවශ්‍යතාවය
දශක හතරකට වැඩි කාලයක් තිස්සේ අනෙකුත් අංශවල මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ ද පවතින යල් පැන ගිය අභාවිත නීති රීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමට රාජ්‍ය පාලනාධිකාරිය අසමත් වී තිබේ. මෙසේ අක්‍රීයව පසුවීම නිසා කර්මාන්තය තුළ ඵලදායිතාව සහ තරගකාරිත්වය ඉහළ නැංවිය හැකි අන්දමේ අති නවීන, නවමු සහ නිර්මාණශීලී තාක්‍ෂණ ක්‍රමෝපායයන් අනුගමනය කිරීමට බාධා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ලංකා ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සහ ඉදිකිරීම් කර්මාන්තයට අදාළ අනෙකුත් සංගම් සහ ආයතන විසින් අඛණ්ඩවම ඉල්ලිම් ඉදිරිපත් කර තිබේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට මුහුණ පෑමට සිදුව තිබෙන බරපතල ගැටලුවලට විසඳුම් සෙවීමේදී කොරෝනා වසංගතය සහ සමාන්තරව ඇති වූ ආර්ථික අර්බුද තත්ත්වය තුළ ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලින් ප්‍රමාණවත් විසඳුම් ලැබී නැති බව පෙනී යයි. තවද, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන යන දෙඅංශයෙන්ම මේ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් ද ලැබී නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම පෙර නොවූ විරූ අර්බුද නිසා ඇති වූ මූල්‍ය හා මෙහෙයුම් දුෂ්කරතා කළමනාකරණය කිරීමේදී කොන්ත්‍රාත්කරුවන්, උපදේශකයින් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත මුහුණ දෙන අභියෝග උග්‍ර කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය අවිනිශ්චිත හා මංමුළා සහගත තත්ත්වයක පවතී.
රාජ්‍ය අංශයේ සේවකයෝ යල් පැන ගිය පැරණි තාලයේ නීති රීති, රෙගුලාසි සහ දීර්ඝ නිර්දේශ සහ අනුමත කිරීමේ ක්‍රියාවලීන් මඟින් අකාර්යක්ෂම පද්ධති තුළ සිර කරනු ලැබ ඊට සීමා වී සිටිති.
මෙය මහජනතාව අතර පුළුල් කලකිරීමක්, අවිශ්වාසයක් සහ අසහනයක් ඇති කරමින් ඵලදායී රාජ්‍ය සේවාවන් සැපයීමට සැලකිය යුතු ලෙස බාධා කරයි. එසේම මේ නිසා විශේෂයෙන් අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හෝ මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් ලෙස නායකත්ව භූමිකාවන් සඳහා ඊළඟ පරම්පරාව සූදානම් කිරීමේදී පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාව ද අධෛර්යමත් වේ. මෙමගින් රාජ්‍ය සේවයෙහි කාර්යක්‍ෂමතාව පහත වැටෙද්දී පෞද්ගලික අංශය අමතර අභියෝගවලට මුහුණ දෙන අතර, සමස්ත ආර්ථික පීඩාව උග්‍ර කරමින් පාලනය පිළිබඳ විශ්වාසය තවදුරටත් පළුදු වෙයි.
රාජ්‍ය සේවයට ව්‍යවසායක සංස්කෘතියක් සහ නව්‍ය ව්‍යාපාර ආකෘති ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. ඩිජිටල්කරණය, ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධිය (AI)සහ යන්ත්‍ර ඉගෙනීම සඳහා ප්‍රමුඛත්වය දීම නිලධාරිවාදී ප්‍රමාදයන් අවම කරමින් පවත්නා ක්‍රියාවලීන් වඩාත් වේගවත්, පාරදෘශ්‍ය සහ විධිමත් තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත. අනෙකුත් කලාපීය සහ ජාත්‍යන්තර වෙළඳපල සමඟ සසඳන විට, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් සහ ආරම්භක මට්ටමෙහි ව්‍යාපාර (startups) තවමත් පසු වන්නේ ඉතා පහළ මට්ටමකය.
ව්‍යවසායක අංශය තුළ වර්ධනය, පරිමාණය සහ ධාරිතාවය ප්‍රවර්ධනය කරන පරිසරයක් නිර්මාණය කරමින් නැඟී එන ව්‍යවසායකයින්ට සහාය දීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා රාජ්‍ය අංශයේ සේවකයෝ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරති. ආරම්භක මට්ටමෙහි ව්‍යාපාරික ප්‍රජාව සහ ව්‍යවසායකත්ව මුලපිරීම් සඳහා උපාය මාර්ගික වශයෙන් අවධානය යොමු කිරීම මඟින් රාජ්‍ය අංශයට ආර්ථික වර්ධනය තුළ සහ සිථිලතාව ඇති කළ හැකි අතර එය ආර්ථික සමෘද්ධියට සහ අභියෝගවලට වඩාත් හොඳින් අනුවර්තනය වීමට උපකාරී වේ. එමෙන්ම කාලයක් තිස්සේ ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි නිරත වූ ව්‍යාපාරික ප්‍රජාවට වුවද, මෙම පශ්චාත් වසංගත සමයෙන් උත්පන්න ආර්ථික අර්බුදයෙන් මිදීම උදෙසා විශේෂ සහය අවශ්‍ය වේ. මෙම අර්බුද තත්ත්වය එක් පුද්ගලයෙකුට හෝ අංශයකට සීමා නොවූ ගෝලීය මට්ටමේ ගැටලුවක් බව මෙහිදි සැලකිල්ලට ගත මනාය.
පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව: කාර්ය මණ්ඩලයේ සහ සේවකයන්ගේ ආකල්ප සහ මානසිකත්වයේ විපර්‍යාසයක්.
පරිවර්තනීය ප්‍රවේශයට නව්‍ය අදහස්වලට අනුගත වීම, ගැටලු විසඳීමේ කුසලතාවන්ට ප්‍රමුඛත්වය දීම සහ ඉක්මන් තීරණ ගැනීමට පුද්ගලයන්ට අධිකාරිය ලබා දීම ඇතුළත් වේ. එමඟින් විධිමත් වැඩ ප්‍රවාහයන් සහ වැඩිදියුණු කළ ක්‍රියාවලීන් හරහා ඵලදායිතාව ළඟා කර ගැනීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි. අනවශ්‍ය වියදම් අවම කර ගැනීමට සහ නිෂ්පාදනය උපරිම කිරීමට සමාගම්වලට හැකි වන පරිදි ” නාස්තිය රහිත” සහ “අකර්මණ්‍යතාව රහිත” සංස්කෘතියක් උදෙසා කැපවීම ඔවුන් තුළ මුල් බැසගත් මානසිකත්වයක් බවට පත් විය යුතුය.
මීට අමතරව, පෞද්ගලික අංශයේ සේවකයින් නොමිලේ ලැබෙන මාර්ගගත සම්පත්, ඩිජිටල් වේදිකා සහ සමාජ මාධ්‍ය නාලිකා හරහා අඛණ්ඩ ස්වයං ඉගෙනීමක නිරත වීම හදිසි අවශ්‍යතාවයක් ව පවතී. නිර්මාණාත්මක තාක්‍ෂණය, නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනයන්හි දියුණුවට අනුගතවීමෙන් සේවකයෝ සිය කුසලතා වැඩි දියුණු කර ගැනීමට, ඵලදායිතාව ඉහළ නැංවීමට සහ තම ආයතන තුළ අර්ථවත් ප්‍රගතියකට දායක වීමට සමත් වෙති. මෙසේ කුසලතා ප්‍රතිපුහුණු කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වන මෙම ක්‍රියාකාරී ප්‍රවේශය අනුගමනය කිරීම මගින් ශීඝ්‍රයෙන් වෙනස් වන ආර්ථික පරිසරයක අභියෝගවලට මුහුණ දීම සඳහා සේවකයින් සහ සමාගම් යන දෙකම වඩා හොඳින් සන්නද්ධව සිටින බව සහතික කෙරෙයි.
ශ්‍රම වෙළඳපොළ
ගතිකත්වය සහ පරම්පරා අතර රැකියා ප්‍රවණතා:
ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ පරිවර්තනීය විපර්‍යාසයකට භාජනය වෙමින් පවතින අතර, පරම්පරා ගණනාවක් පුරා නැගී එන ප්‍රවණතා මඟින් මෙහෙයවනු ලැබේ.විශේෂයෙන්ම සිය කාර්‍ය මනාපයන් (preferences)සහකාර් සාධන රටා (work styles) මඟින් රැකියා භූ දර්ශනය ප්‍රතිනිර්මාණය කරන Z පරපුර (Generation Z) මෙහිදී විශේෂ තැනක් ගනී.
නම්‍යශීලී බව, ඩිජිටල් කුසලතා සහ අඛණ්ඩ ඉගෙනීමේ අවස්ථා සඳහා තරුණ පරම්පරාව බොහෝවිට ප්‍රමුඛත්වය දෙයි. තාක්‍ෂණික වෙනස්කම්වලට අනුවර්තනය වීමට සහ ඩිජිටල් මෙවලම් භාවිතා කිරීමට ඔවුන් සතු හැකියාව ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ විවිධ අංශයන් තුළ නව්‍යකරණයන් දිරිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
Z පරපුර සහ අනෙකුත් තරුණ සේවා නියුක්තිකයන් ව්‍යවසායක කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර ඔවුහු බොහෝ විට ස්වාධීනත්වය, අරමුණු සහ වර්ධන අවස්ථා ලබා දෙන භූමිකාවන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වති. මෙම ගුණාංග ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා, රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම මෙම තරුණයන්ගේ දක්ෂතා ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට සමත් වන, ඔවුන්ගේ වටිනාකම් සහ අභිලාෂයන් සමඟ සමපාත වන සේවා පරිසරයක් නිර්මාණය කළ යුතුය.
තරුණ සේවා නියුක්තිකයන් බොහෝවිට කර්මාන්ත අතර කාර්යක්ෂමතාව සහ නවීකරණයට මඟ කියන නැවුම් දෘෂ්ටි කෝණයන්, ඩිජිටල් විශේෂඥතාව සහ නව්‍ය ප්‍රවේශයන් ක්ෂේත්‍ර තුළට රැගෙන එන බැවින් මෙම පරම්පරාගත ප්‍රවණතා ආර්ථික වර්ධනයෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම සියලුම පරම්පරා සඳහා අන්තර්ග්‍රහණය, කුසලතා ප්‍රතිපුහුණුව සහ ප්‍රවර්ධනය කරන රැකියා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් ශ්‍රී ලංකාවට ශ්‍රම බලකායේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ ගෝලීය පරිමාණයෙන් ඵලදායී ලෙස තරඟ කිරීමට හැකි වේ. මෙම විභවතාවයෙන් සපිරි තරුණ සම්පතෙහි උපරිම ඵල නෙලා ගනිමින් සිථිලතාවයෙන් යුතු, අනාගත ලෝකයට මුහුණ පෑමට සූදානම් ශ්‍රම බළකායක් ගොඩනැඟීමට නම් තාක්‍ෂණය, පුහුණුව සහ උපදේශනය සඳහා ඉලක්කගත ආයෝජන සමග ක්‍රියාත්මක වන රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණද අත්‍යවශ්‍ය වේ.
අත්‍යවශ්‍ය ආර්ථික ක්‍රියාවන්
පසුගිය වසර පහ තුළ සමස්ත ඉදිකිරීම් පරිසර පද්ධතියේ ආර්ථික හා මූල්‍යමය ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගෘහ නිර්මාණශිල්පීන්, ඉංජිනේරුවන්, උපදේශකයන්, නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, වෙළෙන්දන්, සංවිධානාත්මක සැපයුම්කරුවන් මෙන්ම ආනයනකරුවන්, අපනයනකරුවන් සහ සේවා සහ උපයෝගිතා සපයන්නන් ඇතුළු සියලුම කර්මාන්ත අංශයන්හි කාරක ප්‍රාග්ධනයේ දැඩි හිඟයක් ඇති වී තිබේ.
මෙම ව්‍යාපාර බරපතළ මූල්‍ය, යන්ත්‍ර/උපකරණ සහ මානව ප්‍රාග්ධන අහිමිවීම්වලට මුහුණ දෙන බැවින් මෙම පරිහානිය කර්මාන්තයේ වර්තමාන සහ අනාගත අපේක්ෂාවන් සඳහා සැලකිය යුතු අභියෝගයක් එල්ල කරයි. සිය ව්‍යාපාරික සබඳතා, ණයවර, ණය සහ මෙහෙයුම් පවත්වා ගැනීම, ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීම සහ ව්‍යාපාරික කටයුතු තුලනය කර පවත්වාගෙන යාම යන සියල්ල ඉටු කිරීමට පරිශ්‍රම දරන අතර බොහෝ සමාගම්වලට දෛනිකව මූල්‍ය දුෂ්කරතා සහ මෙහෙයුම් පසුබෑම්වලට මුහුණ දීමට සිදු වන තත්ත්වයකදී ඔවුන්ට සිය ව්‍යාපාරික හැකියාවන් ප්‍රකෘතිමත් කර ගැනීම සහ නැවත ගොඩනැගීම අඛණ්ඩ අරගලයක් වනු ඇත.
පාලනය සම්බන්ධ අභියෝග සහ ගෝලීය පීඩනය
වත්මන් රජය දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටී. එය හුදෙක් බිඳ වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව දේශපාලන ස්ථාවරත්වය, ව්‍යවසායකයින්ගේ විශ්වාසය සහ ආයෝජකයන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන අතරම සමාජ ආරක්ෂාව,මහජන විශ්වාසය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගයයි. ඉහළ නඟිමින් පවතින ගෝලීය වෙළෙඳ යුද්ධයන්, භූ දේශපාලනික ආතතීන්, නැගී එන ප්‍රකට සහ සැඟවුණු ගැටුම් සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධ තර්ජනවල සංකීර්ණතා නිසා මෙම අභියෝගයන්ට මුහුණපෑම තව දුරටත් දුෂ්කර වී ඇත.
ගෝලීය අවිනිශ්චිතතාවයන්ගේ වර්ධනයට සමගාමීව ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය සහ පාලනය පිළිබඳ මහජන විශ්වාසය කෙරෙහි වන අභියෝග ද වර්ධනය වේ.
ඉදිරි මාවත: NPP ප්‍රතිපත්ති ප්‍රකාශනය
ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කිරීම සහ ගෙනහැර දැක්වීම සඳහා කල්පනාකාරීව සහ ක්‍රමානුකූලව සකස් කරන ලද්දකි. ඉදිකිරීම් කර්මාන්තයේ මෙන්ම අනෙකුත් වැදගත් අංශ යන දෙකෙහිම ශක්තිමත් පුනර්ජීවනයක ප්‍රධාන අංගයන් ලෙස නියාමන ප්‍රතිසංස්කරණ සහ ඉලක්කගත ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින්, යෝජිත උපායමාර්ගික මැදිහත්වීම් සාක්ෂාත් කර ගැනීමේ වැදගත් සන්ධිස්ථානයක් මෙම සැලසුම් සටහන මගින් සනිටුහන් කරනු ලැබ ඇත. ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට අන් කවරදාටත් වඩා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කැපවීම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය හැකිය. NPP හි දැක්ම සමඟ පෙළගැසී ඒ අනුව කටයුතු කිරීමෙන්, ඉදිකිරීම් කර්මාන්තය, අනෙකුත් අංශ සහ පෘථුල ආර්ථිකය තුළ විසිර සිටින සියලු පාර්ශ්වකරුවන්ට ප්‍රායෝගික සහ ඵලදායී වෙනස්කම් පිළිබඳ ව්‍යුහාත්මක මග පෙන්වීමක් ඔස්සේ තිරසර අනාගතයක් කරා ගමන් කළ හැකිය.
ඉදිරිගමන: සහයෝගීතා ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම:
CIOB සහ FCCISL මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, ආර්ථික විද්‍යාඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ නීති සම්පාදකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් පසුවෙයි. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සහ නායකත්වය සමග එක්ව NPP හි “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්ම සමඟ සමපාතව කටයුතු කරමින් තිරසර සංවර්ධනයක් ස්ථාපිත කිරීමCIOB සහ FCCISL හි අරමුණ වේ. අත්දැකීම් බහුල ව්‍යවසායකයන් සමඟ සම්බන්ධ වී මෙම ප්‍රතිසංස්කරණවලට නායකත්වය දීමට සහ කර්මාන්ත සඳහා ආධාර වීමට අවශ්‍ය ප්‍රායෝගික,බිම් මට්ටමේ විසඳුම් ඉදිරිපත් කරන ලෙස ද සිල්වා රජයෙන් ඉල්ලා සිටියේය.
පෙර පැවති පරිපාලනය සිය යෝජනා සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට සහයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වූයේ නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය සමනය කළ හැකිව තිබූ බව රුවන් ද සිල්වා ප්‍රකාශ කළේය. එසේ වී නම් ඉදිකිරීම් කර්මාන්තය ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වර්ධනයට හේතු වන පරිවර්තනීය තාක්ෂණයන් අනුගමනය කිරීමට වඩා හොඳින් සූදානම් ව තිබිය හැකි වීමට ද ඉඩ තිබූ බව ඔහු තවදුරටත් පැවසීය.
PwC-FCCISL ව්‍යාපාර පුනර්ජීවන සමීක්ෂණයේ සොයා ගැනීම් (2020 ජූලි-සැප්තැම්බර්): පශ්චාත් වසංගත ප්‍රතිසාධනය සඳහා බහු-පාර්ශවකරුවන්ගේ ප්‍රවේශයක්
2020 ජූලි සිට සැප්තැම්බර් දක්වා පවත්වන ලද PwC-FCCISL ව්‍යාපාර පුනර්ජීවන සමීක්ෂණය පශ්චාත් වසංගත පසුබිම් තත්ත්වය තුළ දේශීය ව්‍යවසායකයන් නැවත නඟා සිටුවීම සහ වර්ධනය සඳහා සහාය වීම උදෙසා පෘථුල, බහු පාර්ශවික ප්‍රවේශයක අවශ්‍යතාවය අවධාරණය කරයි.
අර්ථවත් පුනර්ජීවනයක් සාක්ෂාත් කර ගැනීමෙහිලා බහුවිධ අංශ හරහා පුළුල් පරාසයක සහයෝගී ක්‍රියා ඉතා වැදගත් බව සමීක්ෂණයෙන් අවධාරණය කෙරෙයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, රාජ්‍ය අංශයේ සංවිධාන, කර්මාන්ත නියෝජිත ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණයෙන් දැරෙන ප්‍රයත්නයන් අවශ්‍ය වේ.
සමීක්ෂණයේ නිර්දේශ මත පදනම්ව FCCISL, CIOB, කර්මාන්ත මණ්ඩල, වෙළඳ සංගම් සහ ආයතන බහු පාර්ශවික ක්‍රියාකාරී කණ්ඩායම් සමඟ සහයෝගීව ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම මඟින් ක්‍රියාකාරී පියවර ගැනීමට හොඳින් සූදානම් වී ඇත.පහත සඳහන් තීරණාත්මක ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර වර්ධනය සඳහා සහාය වන පරිසර පද්ධතියක් ඇති කිරීම මෙම කණ්ඩායම්වල අරමුණයි.
වෙළඳපොල සංවර්ධනය: ධාරිතා සංවර්ධනය: මූල්‍ය සහාය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම:
සමීක්ෂණයේ සොයාගැනීම්වලදී එක් එක් අංශයන්ට විශේෂිත වන වසංගතයේ බලපෑම් ද අවධාරණය කරන ලද අතර පහත දැක්වෙන ක්ෂේත්‍ර ඉලක්කගත සහය සහ මැදිහත්වීම් අවශ්‍ය වන ක්ෂේත්‍ර ලෙස හඳුනා ගනු ලැබීය.
1. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME)
2. නිෂ්පාදනය
3. වෙළෙඳාම
4. ප්‍රවාහනය සහ ගබඩා කිරීම
5. නවාතැන් සහ ආහාර සේවා
6. ඉදිකිරීම්
7. කෘෂිකර්මය
8. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
9. වෘත්තීය සේවා
10. අධ්‍යාපනය
11. අනෙකුත් සේවා අංශ
කර්මාන්ත මණ්ඩල, ව්‍යවසායකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව සිටින FCCISL සහ CIOB හි අරමුණ මෙම ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මඟින් දේශීය ව්‍යවසායකයින් සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලබාදීමයි.
යෝජිත උපායමාර්ගික මැදිහත්වීම්
ඉදිකිරීම් ක්ෂේත්‍රයට පෙරමං තැනීම සඳහා මනා අධ්‍යයනයකින් පසුව සකසන ලද කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ඇතුළත් ක්‍රියාකාරී යෝජනා මාලාවක් රුවන් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලදී.
ක්ෂණික මූල්‍ය සහන:
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පොලී සහන:
ප්‍රතිපත්ති සංශෝධන:
ආයෝජන ප්‍රවර්ධනය:
පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් සහිත ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම:
FCCISL – PwC ව්‍යාපාර පුනර්ජීවන සමීක්ෂණය
CIOB අය වැය යෝජනා – 2023
FCCISL කම්කරු නීති ප්‍රතිසංස්කරණ වාර්තාව
විශ්ලේෂණාත්මක අධ්‍යයන මාලාව
CIOB සහ FCCISL වෙතින් ඉදිරිපත් වන මෙම යෝජනා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ පෘථුල ආර්ථිකය යන දෙඅංශයටම තිරසාර, වර්ධන – දිශානතිගත අනාගතයක් සහතික කිරීම සඳහා අදාළ අංශයන්හි සම්බන්ධීකරණයෙන් යුතුව ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය ඉස්මතු කරමින් සියලුම පාර්ශ්වකරුවන්ට සිහි කැඳවීමක් ලෙස ක්‍රියා කරනු ඇත.