ඔබේ සකලවිධ ජයග්රහණයන් උදෙසා පුරාණයේ අපේ ජන සමාජය විසින් ඉතා රහසිගතව පාවිච්චි කරන ලද ඉතා සරල එහෙත් මහානුභාව සම්පන්න ප්‍රතිඵල සහ ගුණ ඉතා ඉක්මනින් ලබා දෙන තවත් මහා ‘බ්‍රහ්ම මන්ත්‍රයක්’ මම අද ඔබට ඉදිරිපත් කරමි.
මේ මන්ත්රවලට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර එසේම අනාදිමත් කාලයක සිට මේවා පැවත එන රහස් මන්ත්‍ර විශේෂයක් බව මනාව අවබෝධයට ගත යුතුය. මෙහි පහත සඳහන් ‘බ්‍රහ්ම මන්ත්‍රය’ ඔබත් නිරතුරු අත්හදා බලා ඔබේ කාර්යබහුල දිවි පෙවෙතේ අනේකවිධ ගැටලු සහ ප්‍රශ්නවලින් අත්මිදීමට උත්සාහ කරන්න. මෙය ඔබේ මානසික සුවය උදෙසාද ඉතාම වැදගත්වන අතර ජීවිතයේ දුක් කම්කටොලු වැළැක්වීමට මෙය අතිසාර්ථක ප්‍රතිකර්මයක් බව මම ඉතා ඕනෑකමින් යුතුව ඔබට ප්‍රකාශ කරන්නේ වගකීමක් ඇතිවය.
මන්ත්‍රය
නමෝ කලා මාලේ ඒස්වාහඃ
නමෝ සඳරාජ මණ්ඩලේ ඒස්වාහඃ
ඕං නමෝ වර රාජ මණ්ඩලේ ඒස්වාහඃ
නමෝ සුර රාජ නාග දේවතාවා වර මණ්ඩලේ ඒස්වාහඃ
ඕං නමෝ මැණික් අස්නේ තමාගේ සර්වාංගේ දිෂ්ටි
වර වර ඒස්වාහඃ
ඕං නමෝ සුර දිෂ්ටි අසුර දිෂ්ටි නාගපත්ර කාලි දිෂ්ටි
වර වර උල්ලාල දිෂ්ටි වර වර ඒස්වාහඃ
ඉහත දැහැන් හත සහිත මන්ත්‍රය ඕනෑම කාරණාවක් සඳහා ඔබ නිෙවසින් පිටවීමට පෙර එක් වරක් හෝ කීම ඉතාම හොඳයි. එසේ නොමැති නම් අවශ්‍ය ප්‍රමාණයෙන් තැඹිලි තෙලට මතුරා තිලක දීමෙන් කළ හැකිය. මෙම මන්ත්‍ර ඛණ්ඩවලට පරිවාර මන්ත්‍ර සහාය අවශ්‍ය නොවේ. ඒ නිසාම සමාජයේ ඕනෑම කෙනෙකුට මෙය ඉතාම පහසුවෙන් සිදු කළ හැකිය. කෙසේ නමුත් ඉතා විශ්වාසයෙන් යුතුව දිනපතා සිදු කිරීමෙන් අභිවෘද්ධියද ඔබේ යටපත් වුණ වාසනාවද ඔබ නොදැනීම ඉස්මතු වනු ඇත. මෙය ගුප්ත ශාස්ත්රයේ එන ඉතාම සරල ක්‍රමවේදයක් නිසා ඕනෑම අයකුට ඉතා පහසුවෙන් මෙම මන්ත්‍රය භාවිත කළ හැකිය.
හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ