513
පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහට ලක්වූ චරිතයක් වන කථානායක අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා සිටින්නේ සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ ලේඛන මේ මොහොතේ ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බවයි. එසේ හෙයින් වත්මන් ආණ්ඩුවත් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවට පත් නොකර මේ අවස්ථාවේදී කථානායක ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවයි.
එමෙන්ම ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් හැකි ඉක්මනින් ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමට
බලාපොරොත්තු වන බවද ඔහු එම නිවේදනයේ දක්වා තිබේ.