Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
December 21, 2024 12:29 am 0 comment

ජේසු බබා ඉප­දුන දා

සීතල උඳු­වප් මාසයේ දිනෙක ජේසු බිළිදා ඉප­දු­නේය. ඒ පුංචි ගව­ලෙ­න­ක­දීය. සාමයේ පණි­වු­ඩය රැගෙන ආ ඒ කුම­රුවා අද මුළු ලෝක­යම ආද­ර­යෙන් සිහි­ක­රති. ලොව පුරා කතෝ­ලික ජන­තාව නත්තල සම­රන්නේ මහත් භක්ති­යෙනි.

සෙනුලි තෙහස්නා
3 ශ්‍රේණිය ‘ඒ’, ලුම්බිණි විදු­හල, කොළඹ 05.


මට හරි සතු­ටුයි

නත්තල සම­රනු ලබන්නේ කතෝ­ලික ජන­තාව විසිනි. නත්තල් උත්ස­වයදා පරි­ස­රය හරිම අලං­කා­රය. ඒ නත්තල් සැර­සිලි නිසාය. නත්තල් ගස විවිධ ආකා­ර­යෙන් සර­සයි. පුංචි අපි නත්තල් දව­සට ඉන්නේ හරිම සතු­ටිනි. එදි­නට අපට වැඩි­හි­ටි­ය­න්ගෙන් තැගි ද ලැබෙයි.

සකිඳු තෙව­ර­ප්පෙ­රුම
5 ශ්‍රේණීය ඊ, ඩී.එස්. සේනා­නා­යක විද්‍යා­ලය, කොළඹ – 07.


නත්තල සම­රමු

ජේසුස් ක්‍රිස්තුත් වහ­න්සේගේ උත්ප­ත්තිය සිදු වූ දෙසැ­ම්බර් මස 25 දා ලෝක­වාසී ජන­තා­වට ඉතා වැද­ගත් දින­යකි. නත්තල් දිනයේ තේමාව වන්නේ සාම­යයි. නත්තල වඩාත් අර්ථ­වත් වීම උදෙසා සියලු කිතු­නු­වන් දයාව කරු­ණාව, සාමය සහ­යෝ­ගය යන උතුම් ගුණ පෙර­දැ­රිව නත්තල සම­ර­න්නට සැරසේ. අතී­තයේ විසූ ශාන්ත නික­ලොස් පිය­තු­මන් නත්තල් සීයා ලෙස නිරු­ප­ණය වන බව පොත පතේ අතීත කතා­වල සඳ­හන්වේ. නත්තල් බැති ගීතිකා හා නත්තල් කැරොල් ගීත ගායනා කිරීම හැම නත්ත­ල­ක­දීම දකි­න්නට ලැබෙන විශේෂ දෙයකි. නත්තල වෙනු­වෙන් නත්තල් ගසින් මෙන්ම වෙනස් සැර­සි­ලි­ව­ලින් නිවෙස් හැඩ­කි­රී­මද දක්නට ලැබෙන දෙයකි.

දිල්ෂි සශ්‍රීකා, 12 ශ්‍රේණිය, බෞද්ධ බාලිකා පාසල, කිරි­මැ­ටි­යාන.


ලොවට සාමය උදා වේවා!

ජේසු බබා ඉප­දුන නත්තල්දා සම­ර­න්නට මේ වන විට කවු­රුත් සූදා­නම්ය. ලොව පුරා කතෝ­ලික වැසියෝ එදින නත්තල සම­රන්නේ පල්ලියේ දේවමෙහෙ­යන්ට සහ­භාගි වීමෙනි. පසුව ඔවුහු තම නැදැ හිතු මිතු­රන් හා එක්ක සාද­යන් පව­ත්වති.

බෙත්ලෙ­හෙම් නුව­රදී උපන් ජේසුස් වහන්සේ ලෝක­ය­ටම සාමය සතුට ගෙන ආවේ යැයි කාගේත් මතය වේ. නත්තලේ වැඩි­යෙන්ම සතුටු වන්නේ දරු­වන්ය. ඒ ඔවු­න්නට පවුලේ හැමෝ­ගෙන්ම තැගි බෝග ලැබෙන බැවිනි.

සනුමි සිතු­ලිමා, 9 ශ්‍රේණිය, ‘ඒ’, රාජ­කීය විද්‍යා­ලය, හොරණ.


කිතු උපත

ජුසේ­තුමා හා මරි­ය­තු­මි­යට දාව උපන් කුමරා ජේසුස්ය. ලොවට සාමය උදා කරන්න පැමිණි කුමරා ලෙසින් ජේසු බිලිදා හැඳි­න්වේ. උන්ව­හන්සේ දුකට පත්, විප­තට පත් දිළි­න්දන්, බිලි­න්දන් ආදි වූ සෑම කෙනෙ­කු­ටම කරු­ණාව මෛත්‍රිය වපු­ර­න්නට වූහ. උන්ව­හන්සේ සාමයේ පණි­වු­ඩය ලොවට හඬගා කිය­න්නට විය. යුදෙ­ව්වන් හැම විටම උන්ව­හ­න්සේට එරෙ­හිව නැඟී සිටි­යේය. උන්ව­හන්සේ ඝාත­නය කර­න්නට හැමවිටම උත්සාහ දැරීය. අව­සා­නයේ උන්ව­හන්සේ කුරු­සයේ ඇණ ගසා ඝාත­නය කළේය. කෙසේ වෙතත් අද ද ලොව පුරා ජන­තාව උන්ව­හ­න්සේගේ උපත මහත් ආද­ර­යෙන් සම­ර­න්නේය.
ඊ. කේ. නදින්සා නුලන්දි සුහියොං

9 ශ්‍රේණිය, ධර්ම­සේන ආටි­ගල බාලිකා විද්‍යා­ලය, කැස්බෑව.


මමයි නත්තල් සීයා

දිගට දිගේ සුදු රැවුල දිගයි
ටිකක් උසයි
බඩත් ලොකුයි
මගේ ඇදුම රතු පාටයි
මමයි නත්තල් සීයා..
කළුද සුදුද මට පාටක් නෑ
ලොකුද පොඩිද මම බලන්නේ නෑ
හැමෝ­ටම මම තෑගි බෙදන්නේ
මමයි නත්තල් සීයා..
රුඩොල්ෆ් තමයි නාය­කයා
අපේ කරත්තේ
ලෝකෙ වටේ යනවා
මම මගේ කරත්තේ
යේසු බබා ඉප­දුනු
මේ නත්තල් දවසේ
හැමෝ­ටම මම තෑගි දීල
සතුට ගේන්නේ

අහල්‍යා වික්‍ර­ම­සිංහ
3 ශ්‍රේණිය, කාන්තා විද්‍යා­ලය, කොළඹ 07.


නත්තල් දා

සීනු හඬින් හැඬ­වෙන නත්තල් දා ජේසුස් වහ­න්සේගේ උපත සම­රයි. නත්තල සම­රන්නේ කිතුනු බැති­ම­තුන් විසිනි. කැරොල් ගී ගය­මින්, පල්ලියේ දේව­මෙ­හෙ­යන්ට සහ­භාගි වෙමින් ඔවුහු නත්තල සම­රති. එමෙන්ම නත්තල් සීයා එන­තුරු ළමයි මඟ බලා සිටිති.

අනුජ හිරණ්‍ය ඉදු­රංග
4 ශ්‍රේණිය ‘බී‘, මහා­චාර්ය සේනක බිබිලේ ආදර්ශ විද්‍යා­ලය, බිබිල.


මට සතු­ටුම දවස

ජේසුස් වහන්සේ ඉප­දුන දා සම­ර­න්නෙ හරිම ආසා­වෙන්. අප්ප­ච්චියි, අම්මයි, මමයි නත්තල් දව­සට අපේ ගෙදර නත්තල් ගහ සර­ස­නවා. මගෙ යාළු­වොත් ඒක බලන්න එනවා. නත්තල් දව­සට මට හරි අපූරු තැග්ග­කුත් ලැබෙ­නවා. ඒ නිසාම මම නත්තල උදා­වන තුරු බලා ඉන්නේ හරිම ආසා­වෙන්.

ගනිඳු මන්විසි
3 ශ්‍රේණිය ‘සී‘, මාම්පේ කනිෂ්ඨ විද්‍යා­ලය,
පිළි­ය­න්දල.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division