ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමය සංකේතවත් කරමින් සිය 2025 දින දර්ශනය ‘ශ්‍රී ලංකාවේ බත්කූරන්’ යන තේමාව යටතේ එළි දැක්වීමට SLT-MOBITEL, පසුගියදා කටයුතු කළේ ය. බත්කූරන්ගේ අලංකාරය සහ පාරිසරික වැදගත්කම මෙන්ම, රට තුළ යහපත් පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා බත්කූරන්ගෙන් ඉටු වන වැදගත් මෙහෙවර මෙම දින දර්ශනයෙන් පිළිබිඹු වේ.
‘ ජල පෝෂක ප්‍රදේශවල භාරකරුවන් ලෙස හඳුන්වනු ලබන බත්කූරන්, අපෘෂ්ඨවංශික සත්ත්ව විශේෂ අතර අග්‍ර විලෝපිකයන් වන අතර, එම සතුන් ජලයේ ගුණත්වය සහ පරිසර පද්ධතිවල යහපත් බව හඟවන සාක්ෂියක් ලෙස සලකනු ලබයි. මෙම සතුන්ගේ වර්ණවත් බව, සෙසු කෘමි සතුන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වීම, පියාසර කිරීමේ හැකියාව සහ මිනිසුන් විසින් වෙනස් කරන ලද පරිසරය තුළ පවා දැක ගත හැකි වීම නිසා බත්කූරන් සාමාන්‍යයෙන් ආකර්ෂණීය කෘමි සත්ත්ව විශේෂයක් බවට පත් වී ඇත.
ජායාරූපය – විමල් කරුණාතිලක