සියැට් කැලණි හෝඩිංග්ස් විසින් සුඛෝපභෝගී මෝටර් රථ හා SUV රථ සඳහා ‘ යුරෝපීය පරාසයේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලාංකික මෝටර් රථ ලෝලීන්හට දැන් ගෝලීය ප්‍රමිතියෙන් යුත් ඉහළ කාර්ය සාධනයක් සහිත රේඩියල් ටයර් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.
ටයර් ප්‍රමාණ 19කින් සහ විවිධ රටා හයකින් සමන්විත මෙම ටයර් අඟල් 16 සිට 18 දක්වා වූ රිම් ප්‍රමාණයන් සඳහා යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ කාර්ය සාධන (High Performance) සහ අතිශය ඉහළ කාර්යසාධන (Ultra High Performance) ලෙස වර්ගීකරණය කර ඇත. තවද, මෙම නිෂ්පාදන ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි සියැට් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දී පරීක්ෂණයට භාජන කර තිබේ.