වීසා සැකසීමේ සහ කන්සියුලර් සේවා පුරෝගාමියකු මෙන්ම, ගෝලීය අති නවීන තාක්ෂණයෙන් යුතු ජාත්‍යන්තරව රජයන්ට සහ පුරවැසියන්ට සේවා සපයන විශ්වසනීය ආයතනයක් වන BLS ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ වීසා මෙහෙයුම් ආරම්භ කළ බව නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ට උසස් පාරිභෝගික සේවයක් සැපයීමට සහ වීසා ලබාදීමේ ක්‍රියාවලිය තවදුරටත් පහසු කරවීම සඳහා BLS ඉන්ටර්නැෂනල් ආයතනයේ සුවිශේෂී කැපවීම මෙම සංධිස්ථානය හරහා සනිටුහන් කරයි.
ස්පාඤ්ඤ වීසා අයදුම්පත් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඒ සඳහා පහසුකම් සැපයීමට නව ස්පාඤ්ඤ වීසා අයදුම්පත් මධ්‍යස්ථානය කොළඹ නගරයේ ස්ථාපිත කරන ලදි. සංචාරකයින්ගේ පුළුල් පරාසයකින් යුතු අවශ්‍යතා සඳහා පහසුකම් සැපයීම නව මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ.