Home » AIBS, එක්සත් රාජ­ධා­නියේ එජ් හිල් විශ්ව­වි­ද්‍යා­ලය සමඟ ගිවි­සුම් ගත වේ

AIBS, එක්සත් රාජ­ධා­නියේ එජ් හිල් විශ්ව­වි­ද්‍යා­ලය සමඟ ගිවි­සුම් ගත වේ

by damith
December 21, 2024 12:30 am 0 comment

ඒෂි­යන් ඉන්ස්ටි­ටි­යුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආය­ත­නය විද්‍යාව, තාක්ෂ­ණය, ඉංජි­නේරු විද්‍යාව සහ ගණි­තය යන විෂය ක්ෂේත්‍ර­වල අන්ත­ර්ජා­තික වශ­යෙන් පිළි­ගත් වැඩ­ස­ට­හන් ශ්‍රී ලංකාවේ බෙදා හරී.

2018 දී පිහි­ටු­වන ලද The Asian Institute of Business & Science (AIBS) විසින් එහි සය වස­රක සාර්ථක ගමන සනි­ටු­හන් කරන සහ එහි ආර­ම්භයේ සිට උසස් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විශි­ෂ්ට­ත්වය කරා පිය ගැනීමේ අපේ­ක්ෂා­වන් අඛ­ණ්ඩව වැඩි කරන නව ගිවි­සු­ම­කට එළැ­ඹීම නිමිති කොට ගෙන උත්ස­ව­යක් පව­ත්වන ලදි.

2022 දී එක්සත් රාජ­ධා­නියේ එජ් හිල් විශ්ව­වි­ද්‍යා­ලය සමඟ අනු­බද්ධ වීම සම­ඟින් අන්ත­ර්ජා­තික වශ­යෙන් පිළි­ගත් අධ්‍යා­ප­න­යක් ලබා­දීමේ අර­මුණ සමඟ දැඩි ලෙස සම්බන්ධ වී සිටින ඒෂි­යන් ඉන්ස්ටි­ටි­යුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආය­ත­නය වර්ත­මා­නයේ 600 ඉක්ම­වන ශිෂ්‍ය ප්‍රජා­ව­කට විශ්ව­වි­ද්‍යාල සහ උසස් අධ්‍යා­පන ආය­තන 14 ක් මාර්ග­යෙන් අධ්‍ය­යන පාඨ­මාලා සහ වැඩ­ස­ට­හන් 21ක් පිරි­න­මයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division