Home » ජනාධිපති මාධ්‍ය අංශයේ ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදන්
2015 - 2020 අතර කාලයේදී

ජනාධිපති මාධ්‍ය අංශයේ ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදන්

by Mahesh Lakehouse
December 21, 2024 12:40 am 0 comment

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.

2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාලය තුළ එලෙස මිලදී ගෙන ඇති කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු එම උපකරණ 3406ක් මෙලෙස අස්ථානගතව තිබේ.

ජනාධිපති කාර්යාලයේ ගබඩා කළමනාකරණ පද්ධතිය හරහා 2014 වසරේ සිට 2020 ජනවාරි දක්වා රුපියල් 162, 273,185.00ක් වටිනා අයිතම නිකුත් කර ඇත.

එහිදී 2014 වසරේ අයිතම 4ක්, 2015 වසරේ 558ක්, 2016 වසරේ 660ක්, 2017 වසරේ 602ක්, 2018 වසරේ 1262ක්, 2019 වසරේ 313ක්, 2020 වසරේ අයිතම 7ක් මෙලෙස නිකුත් කර ඇත.

2021.02.22 දිනැති විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයට අදාළ බඩු වට්ටෝරු පොත් 3ක් පමණක් විගණනයට ඉදිරිපත් කර ඇති බවත් ඉහත අයිතම එම පොත් තුළ ඇතුළත් කර නොමැති බවයි.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් තාක්ෂණික නිලධාරියකු සමඟ කළ භෞතික පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 219ක (21,888,958) භාණ්ඩ ඒකක 133ක් එම අංශයේ නොමැති බව තහවුරු වී ඇත.

එසේ වුවද ජනාධිපති මාධ්‍ය අංශයේ ඉංජිනේරුවන් විසින් දක්වා ඇත්තේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 350කට ආසන්න බවයි.

විගණනය විසින් තොරතුරු ඉල්ලා ඇති විට 2021 පෙබරවාරි 10 දිනැතිව ඉරිපත් කළ අංක PMD/ENG/VIDEO/21/02/II ලිපියට අනුව 2015 වසරේ සිට 2019 දක්වා මිලදී ගෙන ඇති උපකරණවල තොරතුරු ඇතුළත් කිසිදු වාර්තාවක් නොමැති බව තහවුරු වී තිබේ. එසේම වාර්ෂික භාණ්ඩ සමීක්ෂණවලදී පවා ඒ ගැන සඳහන් නොවේ.

එක් අ‍ෙයකු විසින් ලබාගත් අයිතම 21ක් නැවත ලැබී නොමැති බවද වාර්තා වී ඇති අතර එකක් රුපියල් ලක්ෂ 25ක් පමණ වන කැමරා දෙකක් අතුළු අයිතම 3ක් තවත් අයකුට නිකුත් කර ඇති අතර ඒ්වාද නැවත ලැබී නොමැති බව වාර්තා වේ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division