410
නත්තල් සැමරුම වෙනුවෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පසුගියදා මෙම සවස් කාලයේ විශේෂ සමරුවක් පවත්වන ලදී.
එහිදී මහකොමසාරිස් සෙනරත් දිසානායක අවධාරණය කළේ, නත්තල් පණිවිඩය තුළ අන්තර්ගත මානව දයාව, කරුණාව, සාමය, වැනි උතුම් මානව ගුණාංග අප සිහිපත් කර ගත යුතු බවය.එම වටිනාකම් ආගම් හා සංස්කෘතිය අතික්‍රමණය කරන බැව් පෙන්වාදුන් මහකොමසාරිස්වරයා මෙවැනි සැමරුම් මඟින් ද අපේක්ෂා කරන්නේ, ගැටුම්කාරී බෙදීම් සහිත ලෝකයක් වෙනුවට යහපත් මානුෂීය ගුණාංග වෙත යොමු වූ වඩා යහපත් ලෝකයක අවශ්‍යතාව මතුකිරීම බවය.