– වයස එක්ක ලැබෙන හැම චරිතයක්ම කරනවා කියන තැන මම නැහැ
– ඇත්ත ජීවිතේ නපුරු කෙනෙක් නෙවෙයි
මේ දිනවල කාගේත් කතා බහට ලක් වෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන චාමර සමරවික්‍රම නිෂ්පාදනය කරන ආලවන්ති නාට්‍යයේ ශාක්‍යා කියන්නේත් මේ කලා ක්ෂේත්‍රයට ආ අලුත්ම රංගන ශිල්පිනියක්. රසඳුන මේ කතා බහ ශාක්‍යාට ජිවය දෙන ඩෙහානා ෆොන්සේකා සමඟ.
ආලවන්තීහි ඔබේ චරිතය ගැන මුලින්ම කිවුවොත්?
මගේ චරිතය වෙන්නේ ශාක්‍යා. ශාක්‍යා කියන්නේ ටිකක් නපුරු චරිතයක්. තමන්ගෙ අක්කාට උදවු කරන්නේ නැති චරිතයක්.
ඔබට කොහොමද ආලවන්තී නාට්‍යයට අවස්ථාව ලැබුණේ?
මගෙ මිතුරිය සඳුනි කෞශල්‍යා මාව හඳුන්වා දුන්නා ඡායාරූප ශිල්පී දීපාල් ගෝමස්ට. ඒ හරහා තමයි අපේ නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතා හඳුනා ගන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට්වලට සහභාගි වෙලා ඔඩිෂන් ගිහින් තමයි මට මේ අවස්ථාව ලැබුණේ.
කොහොමද පළමු රංගන අත්දැකීම?
මට අමතක නොවනම දවස තමයි රඟපාන්න ආව මුල්ම දවස. මේ ක්ෂේත්‍රයට එද්දී රඟපෑම ගැන මට කිසිම අත්දැකීමක් තිබ්බේ නැහැ. ඒ නිසා මට ලේසි වුණේ නැහැ රඟපාන එක. හැබැයි පළමු දවසේ ඉඳන්ම ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා සෙට් එකේ හැමෝගෙන්ම. විශේෂයෙන්ම ගිහාන් ප්‍රනාන්දු අයියා සහ නදීෂා අලහප්පෙරුම අක්කා මට ගොඩක් උදවු කළා. ඒ එක්කම අධ්‍යක්ෂතුමා සහ නිෂ්පාදකතුමාගෙනුත් ගොඩක් උපදෙස් ලැබුණා. දැන් නම් ඉතින් හැම දවසක්ම ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කරනවා.
නාට්‍යයේ චරිතෙට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම ඉන්නේ නපුරු චරිතයකට නිසා බොහෝ ප්‍රේක්ෂකයින් ආදරේ කරන චරිතයක් නම් නෙවෙයි. හැබැයි මඟ තොටේදී මාව හඳුනාගෙන කතා බහ කරනවා. මගේ චරිතේ හොඳින් කරනවා කියන ප්‍රතිචාර ලැබෙනවා. ඒ එක්කම ඉස්සරහට මොකද වෙන්නේ අහනවා. ටීවී එකෙන් දකිනවට වඩා තවත් ලස්සනයි කියනවා. කොහොම වුණත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
නාට්‍යයේ චරිතය සහ ඩෙහානා අතර සමානකම් තියෙනවා ද?
ශාක්‍යා කියන්නේ ගොඩක් නපුරු චරිතයක්. ඒ නිසා කොහෙත්ම මගේ සැබෑ ජීවිතේ එක්ක සමානකම් නැහැ. ඇත්ත ජීවිතේ මම නපුරු කෙනෙක් නෙවෙයි.
දිගටම රඟපාන්න ද කැමැත්ත?
ඔව්. ආසයි දිගටම රඟපාන්න. ඒ එක්කම මම මේ වෙද්දී ෆැෂන් ඩිසයිනින් පැත්ත ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. මේ ක්ෂේත්‍ර දෙකම තුළ ගමනක් යන්න ආසයි. ඒ එක්කම මගේම කියලා ක්ලෝතින් බ්‍රන්ඩ් එකක් පටන් ගන්නත් ආසාවෙන් ඉන්නවා.
නිළියක් වෙන්නම ද සිහින මැවුවෙ?
එහෙමම හිතලා තිබ්බේ නැහැ. අම්මගේ කැමැත්ත තිබ්බා කවදා හරි මාව මෙහෙම දකින්න. ගොඩක්ම අම්මගේ ආසාව. ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට්වලට ආවම මටත් මේ ක්ෂේත්‍රයට එන්න ආසාව ඇති වුණා.
මේ කාලයේ ආලවන්ති එක්ක ද කාලය ගත වෙන්නේ?
ඔව්. නාට්‍යයේ රූපගත කිරීම් එක්ක සහ ජාතික රූපවාහිනියේ මම ක්‍රීඩා වැඩසටහනක් කරනවා. ඒ දේවල් එක්ක මගේ ඉගෙනීම් වැඩ එක්ක තමයි කාලය ගත වෙන්නේ.
ඔබ චරිත තෝරලා ද රඟපාන්න හිතන් ඉන්නේ?
අපොයි ඔව්. මගේ වයස එක්ක මට ලැබෙන හැම චරිතයක්ම කරනවා කියන තැන මම නැහැ. ඒ නිසා මට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන නිර්මාණ භාර ගන්න සූදානම්.
ඔබ ආදරවන්තියක් ද? මොනවගේ කෙනෙක් ද හොයන්නෙ
මට තවම වයස අවුරුදු 19යි. තාම ඒ ගැන හිතලා නැහැ. මම ආදරේ ගැන හිතන්නේ මගේ වයිබ් එකට ගැළපෙන කෙනෙක් වෙන්න ඕනේ. මම දැන් මේ යන පැත්ත එක්ක මට සහයෝගය දෙන කෙනෙක් වෙන්න ඕනේ.
අනුෂා රණසිංහ